ලංකා ටී ටෙන් ලීගය ආරම්භයේදීම පුහුණු කරු වෙනසක් - සැක කටයුතු සිද්ධි මාලාවක පෙරනිමිත්තක්ද ?
හෙට (11) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරෙන ලංකා T 10 ක්‍රිකට් තරගාවලිය පටන් ගන්නටත් පෙරම ආන්දෝලනාත්මක වන ලකුණු පෙනෙන්න තිබෙනවා.
මෙම තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වුණේ මීට සති කිහිපයකට කලින්.
එම ක්‍රීඩක වෙන්දේසියේ කැන්ඩි බෝල්ට්ස් පිලේ පුහුණුකරු ලෙස කණ්ඩායම් කළමනාකාරිත්වයත් සමග මේසයේ වාඩිවී සිටියේ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ධම්මික ප්‍රසාද්.
එහෙත් කණ්ඩායම් කළමනාකාරිත්වය තරගාවලිය ආරම්භ කරන්නට දින තුනක් තිබියදී ධම්මික ප්‍රසාද් ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් කොට සචිත් පතිරණව පුහුණුකරු ලෙස පත් කොට තිබෙනවා.
පුහුණුකරු ධූරයෙන් ඉවත් කළ ධම්මික ප්‍රසාද් කණ්ඩායමේ අධ්යක්ෂ වරයකු ලෙස නම් කර තිබීම විශේෂත්වයක්.
මෙම තරගාවලියේ සියලුම තරග පවත්වන පල්ලෙකැලේ ක්‍රීඩාංගණය හා එහි තණතීරු සැකසීම භාරව කටයුතු කරන්නේ සචිත්ගේ පියා වන ජානක පතිරණ වීම තවත් විශේෂිත කරුණක්.
මෙම කැන්ඩි බෝල්ට්ස් පිලේ අයිති කරුවන් ලෙස කටයුතු කරන්නේ සංජේ ෂර්මා හා රොහිට් බට්ටා නම් ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක්.
මෙම කණ්ඩායමේ නායකත්වය දරන්නේ ලොව පුරා වැඩිම විස්සයි විස්ස හා ටී ටෙන් තරගාවලිවල ක්‍රීඩා කරන ක්‍රීඩකයකු වන තිසර පෙරේරායි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වන මෙම ටී ටෙන් තරගාවලියේ අයිතිකරු වන්නේ ලොව වටා ටී ටෙන් තරගාවලි වල අයිතිකරු වන ෂාජි නමැත්තායි.
මොහුගේ ටී ටෙන් තරගාවලි කිහිපයක්ම පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වුණා.
ඒ තරග පාවා දීම් පිළිබඳ ක්‍රීඩකයන්ට චෝදනා එල්ල වීම නිසයි.
සිම්බාබ්වේහි පැවති ටී ටෙන් තරගාවලියේදී සැක කටයුතු නෝ බෝල් පන්දු යැවීමක් හා විශ්මිත ලකුණු ලබා දීමක් ගැන ක්‍රීඩකයන් කිහිප දෙනකුම අයිසීසියේ දූෂණ මර්ධන ඒකකයේ විමර්ෂණයට භාජනය වුණා.
මීට දෙසතියකට පෙර ෂාජිගේම අබුඩාබි ටී ටෙන් තරහාවලියේ අමුතු පන්දු යැවිමක් හා පන්දු තුනකදි ලකුණු 30 ක් ලබා දීමක් සම්බම්න්ධයෙන් දසුන් ෂානකගෙන් අයිසීය ප්‍රශ්න කරනු ලැබුවා.
මේ සියල්ල තවමත් ඇත්තේ විමර්ෂනය කෙරෙමින්.
ඒ නිසා ෂාජිගේ ශ්‍රී ලංකා තරගාවලිය තුළත් යම් අහඹු සිදු වීම් සිදුවනු ඇතැයි අයිසීසියේ දූෂණ මර්ධන ඒකකය අවධානයෙන් සිට්න බව lankasportnews වෙත වාර්තා වෙනවා.
මෙම ටී ටෙන් තරගාවලිය ගැන මීට පෙරත් lankasportnews වාර්තා කරනු ලැබුවා.
මේ අතර අද වාර්තා වූ අලුත්ම සිද්ධිය වන්නේ අබුඩාබි ටී ටෙන් 2021 තරගාවලියේ තරග පාවා දීමේ චෝදනා ලැබූ කණ්ඩායම් සහාය පුහුණුකරුවකු වන සනී ඩිලෝන් එක්සත් අරාබි එමීර් දූෂණ මර්ධන ඒකකය මගින් තරග තහනමකට ලක් කිරීමයි.
ශ්‍රී ලංකාවේද ක්‍රිකට් දූෂණ මර්ධන ඒකකයක් වසර කිහිපයකට පෙර ආරම්භ කරනු ලැබුවා.
ක්‍රිකට් ආයතනයේද දූෂණ මර්ධන ඒකකයක් පිහිටුවා වසර ගණනක් වුණත් මේ දක්වා කිසිදු තරග පාවා දීම් සිද්ධියක් ඔවුන්ට අනාවරණය කරන්න නොහැකි වීමත් කැපී පෙනනවා.
කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ ලෝකයේ මුදලට තරග පාවාදීම් අතින් දූෂිතම ක්‍රිකට් රට ලංකාව බවයි. ඒ සදහා ඔවුන් පසුගිය කාලයේ දඩුවම් ලැබූ හා චෝදනා එල්ල වූ විශාල ක්‍රීඩක හා නිලධාරීන් දක්වනවා.
පෙර ලිපිය
No comments