Wednesday, December 4, 2024

ප්‍රමෝද්‍යට පිං පඩියක් එක්ක කාර්‍ය භාරයක් නැති රස්සාවක් දීලා


ක්‍රිකට් ආයතනයේ ලොක්කන්ගේ පැවැත්ම සඳහා උදව් වන අය සතුටු කිරීම වෙනුවෙන් විශාල වැටුප් හෝ දීමනා ගෙවනු ලබන රැකියා අවස්ථා නිර්මාණය කොට අවුරුද්දකට දෙකකට කොන්ත්‍රාත් ලබා දීම ෂම්මිලාගේ සිරිතයි.


මේ අනුව නිලවරණයේ චන්ද බලය හිමි ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් නිලධාරීන්ට රැකියා අවස්ථා හා මාසික දීමනා ගෙවීමත් කාලයක් තිස්සේ කරගෙන යන බව රහසක් නෙවෙයි.

කොළඹ නගර සභාවේ චන්ද හයක් හිමි සමන් හේවාවිතාරණ නම් අයකුට බස්නාහිර පළාත් සංගමය හරහා වැටුපක් ගෙවන්නේ වසර ගණනාවක සිටයි.

මේ ක්‍රමයේ අලුත්ම සාමාජිකයා වන්නේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහයි.

තේරීම් කමිටු සභාපති හා විධායක කමිටු සාමාජික ලෙස කටයුතු කරද්දී ඔහු ෂම්මිලාගේ කොන්ත්‍රාත් කිරීම හේතුවෙන් රට සවාරි ගියේ දිනකට ඩොලර් 700 ක දීමනාවක් සමගයි.

තේරීම් කමිටුවෙන් ඉවත් කිරීමත් සමග ප්‍රමෝද්‍යට විශාල වැටුපක් දෙමින් කාර්‍ය භාරයක් නොමැති රැකියාවක් ලබා දී තිබීම බොහෝ අය දකින්නේ ප්‍රමෝද්‍ය ළඟ මේ බලධාරීන්ගේ කුමක් හෝ බරපතල තුරුම්පුවක් ඇති නිසා මේ සැළකිල්ල ලැබෙන බවයි.

වරක් ලෝක කුසලානය තුළ තරග පැරදීම සම්බන්ධව කුමන්ත්‍රණයක් ඇති බව මාධ්‍යයට  පැවසූ ප්‍රමෝද්‍ය ඉන්පසු ඒ ගැන කිසිවක් නොකීමත් බරපතල සැකයට කරුණක් බව lankasportnews වෙත අදහස් දැක්වූ කිහිප දෙනෙකුම පැවසුවා.

හොරු අල්ලන්න ආ පුනරුද රජය මේ ක්‍රිකට් හොරුන් අල්ලන්නේ කවදාදයි lankasportnews අවධානයෙන් යුතුව බලා ඉන්නවා. ඒ වගේම ක්‍රිකට් මාධ්‍ය ඒකකය තොරතුරු ලබා දෙන සේවකයින්ට තහනම් කරල අපේ අනාවරණයන් නවත්වන්න හිතනව නම් ඒක සිහිනයක් විතරයි.

No comments:

Post a Comment