• Breaking News

    දකුණු අප්‍රිකාවේදී ගැලවුණ අපේ ක්‍රිකට් රෙද්ද


    අපේ ක්‍රිකට් බෝඩ් එක තරම් එදා වේල ටුවර්ස් වලින් සෑහීමකට පත්වෙන ක්‍රිකට් බෝඩ් එකක් ලෝකෙම නැති තරම්.


    එවෙලෙට ලැබෙන ජයග්‍රහණයක් වෙනුවෙන් ඕනෙම ගොං තකතීරු තීරණයක් ගන්නා ෂම්මි,ජයන්ත, රවින් හා ක්‍රිෂාන්ත ඇතුළු ක්‍රිකට් විධායක කමිටුවට ඕනෑ එවෙලෙට තරගයක් දිනාගැනීමට කුමක් හෝ අටවා ගැනීම මිසක් අනාගතය වෙනුවෙන් සිතා වැඩ කිරීම නොවෙයි.

    ලංකාවේ ගහන ක්‍රිකට් තරග සඳහා ෆේස් බුක් වාසීන් කියන අන්දමට තණතීරු  කුඹුරු මෙන් සකසා දිනා ගත්තට වේගවත් තණතීරු සහිත රටකට ගිය ගමන් වෙන දේ දැන් දකුණු අප්‍රිකාවේ සිදු වෙමින් පවතිනවා.
    සනත් ජයසූරිය කෙරුමෙක් ලෙස,සළකා අවුරුද්දකට පුහුණුකරු ධූරය ලියා දුන් නමුත් දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු ටෙස්ට් තරගයේදී ලංකාවේ  අඩුම ටෙස්ට් ඉනිම වන ලකුණු 42 කට දැවී යන විට ජයසුරිය පිට්ටනියේ හොයාගන්නවත් නොහැකි බව පෙනෙන්න තිබුණා.

    කොහොම උනත් අපේ ක්‍රිකට් මෙහෙම වෙන්න කිසිම සැළසුමක් නැති පුළුවන් තරම් බත් පැකට් එකෙන් හරි ගහන්න විතරක් දන්න වත්මන් ක්‍රිකට් බලධාරීන් එළවන්න අනුර සහෝදරයාවත් උත්සාහ නොගත්තොත් තව දුරටත් ක්‍රිකට් වලට අබ සරණයි කියල කියන්න තමයි වෙන්නේ.

    ක්‍රිකට් ආයතනයේ විශේෂ විගණනය ආරම්භ කර, එහි ප්‍රධාන නිලධාරීන්ගේ වත්කම් බැරකම් පහුගිය අවුරුදු 5තුල උපයා ගත් ආකාරය හොයල බැලුවොත් රටේ ණය වලින් කාලක් ගේමක් නැතුව ගෙවන්න පුලුවන් කියල රහසේ කට්ටිය කුටු කුටු ගානව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකක‍යට ගිය වෙලාවේ Lankasportnews අපිට ඇහුන කියල අන්තිමට ලියන්නම ඕන.
     

    No comments