දසුනුත් මැච් විකුණනවද? බරපතල සැක පන්දු යැවීමක්
හතු පිපෙන්නාක් මෙන් ලෝකය පුරා වසංගතයක් බවට පත් වෙමින් තියෙන T 10 වසංගතය ක්‍රිකට් ක්‍රීඩාවත් ක්‍රිකට් ක්‍රීඩකයනුත් විනාශ කර දමන බව lankasportnews කියන්නේ කාලයක ඉඳන්.
මෑතකදි සිම්බාබ්වේ T 10 තරගාවලියකදි නෝ බෝල් වයිඩ් පන්දු බර ගණනක් යවපු පන්දු යවන්නො දෙතුන් දෙනෙක් අයිසීසී දූෂණ මර්ධන ඒකකයේ විමර්ශනයට භාජනය වූ අයුරුත් අපි lsnkasportnews වෙතින් හෙළිදරව් කළා.
දැන් ඒ ලෙඩේ අපේ ක්‍රීඩකයකුටත් බෝ වෙලා තියෙන බව අබුඩාබි T10 තරගාවලියෙන් වාර්තා වෙනවා.
ඒ වෙනින් කවුරුවත් නෙවෙයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන දසුන් ශානකයි.
එම තරගාවලියේ එක් තරගයකදී යවන ලද එක් ඕවරයක දසුන් නෝ බෝල් හතරක් යවල තියෙනවා.
බෙටින් ඇප් ස්පොන්සර්ලා අරක් ගත් මේ තරග වල ඒ ඇප් මගින් නෝබෝල් වලටත් ඔට්ටු භාර ගන්න බව ප්‍රසිද්ධ රහසක්.
මේ පින්තූරයේම 1X BAT පසුබිමේ පේන්නත් තියෙනවා.
මේ පින්තූරයේ දසුන් විසින් යවනු ලබන දැවැන්ත නෝ බෝල් පන්දුවත් හිතා ගත නොහැකි අන්දමේ පන්දු යැවීමක් බව බැලූ බැල්මට පේනවා.
හෙට අනිද්දා දසුන් ගැනත් අයිසීසියේ දූෂණ මර්ධන ලොක්කන් ඇහැ ගහගෙන නොහිටියොත් පුදුමයට කාරණාවක් නොවෙන්න පුළුවන්. ඒ මේ තරග හා බෙටින් ඇප් වලට අනුබල දෙන අයිසීසිය ගැනත් දැන් සැක පහළ වෙන නිසයි.
No comments