Monday, November 18, 2024

අලුත් ආණ්ඩුවෙන් හොරු අල්ලනවා නම් මෙන්න කම්බ හොරෙක්


ක්‍රීඩාවට අරක් ගත් පල් හොරුන් හෙළිදරව් කරන lankasportnews ලිපි මාලාවේ අද දැක්වෙන්නේ ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සුජීග්ව ගොඩලියැද්ද නම් නීල කාස හොරා ගැනයි.


මාතලේ පැත්තේ තමන්ගේ පියා පවත්වාගෙන ආ ටේලර් සාප්පුවේ සහායක ටේලර් කෙනකු ලෙස මුල්ම රස්සාව කළ ගොඩලියැද්ද ක්‍රිකට් ක්‍රීඩාංගණ්‍යක් හදන්න දඹුල්ලෙන් ඉඩමක් හොයමින් සිටි එවකට ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට සෙට් වුණා.

දඹුල්ල රංගිරි විහාරයට අයත් ඉඩමක් මේ වෙනුවෙන් බද්දට අරන් දීමේ කපු කම කළ ගොඩලියැද්ද ඒ කාලයේ ආවේ ගියේ බයිසිකලයෙන්.

මේ ඩීල් එකෙන් පස්සේ තිලංගගේ සුවච කීකරු ගෝලයෙක් බවට පත්වුණු ගොඩලියැද්ද අද දඹුල්ල ක්‍රීඩාංගණයේ හා උතුරු මැද පළාතේ නිල අයිතිකරු බවට පත් වෙලා.


මේ පළාතේ ක්‍රිකට් වලට සම්බන්ධ නිලධාරීන් ගොඩලියැද්ද දකිද්දී උන් තැනින් නැගිටින්නේ සර් කියමින්. දඹුල්ල ක්‍රීඩාංගණයේ තරගයක් පවත්වන විට ගොඩලියැද්දට රජ මගුල් බව කියවෙනවා.


හෝටල් කාමර, සිකුරිටි, කෑම මේ සියලුම ඕඩර් වලින් ලැබෙන කොමිස් කුට්ටිය වැටෙන්නේ ගොඩලියැද්දගේ සාක්කුවටයි.

බිලියන් ගණන් මුදල් සංසරණය වන ක්‍රිකට් වැනි ආයතනයක පිළිගත් ගණකාධිකාරි වරයකු භාණ්ඩාගාරික විය යුතු වුවත් එවැනි කිසිදු සුදුසුකමක් නැති ගොඩලියැද්ද නිතරගයෙන් භාණ්ඩාගාරික වීම හාස්කමක්.

ක්‍රිකට් ආයතනයට මුලින්ම එනකොට බයිසිකලයෙන් ආ ගොඩලියැද්ද මේ වන විට අක්කර ගණනක ඉඩම් , එංගලන්තයේ , මාතලේ ,දඹුල්ලේ  හා රට වටේම ගෙවල් ඉඩම් හිමි කරුවකු බවට පත්වූයේ කෙසේදැයි සොයා බැලීම පුනරුද රජයේ අලුත් ක්‍රීඩා ඇමතිවරයාගේ කටයුත්තක්. උපතින්ම කපටියකු වන ගොඩලියැද්ද  මේ බොහෝ ඉඩම් හා ගෙවල් අරන් ඇත්තේ වෙනත් නම් වලින්.

මෑතකදීම මොහු මිළදී ගත් නිවස ඇත්තේ මාතලේ ටවුමේ මහජන බැංකුව පිටුපස ඇති මීවත්තකුඹුර මාවතේයි.

මෙහි දැක්වෙන්නේ එහි සේයාරුවක්.

ලක්ෂ 400 කට මිළදී ගත් මේ නිවස වසා දමා තිබෙන අතර දැන් එය වල් වැදී තිබෙනවා. මෙයත් ගොඩලියැද්ද මිළදී ගෙන ඇත්තේ වෙනත් අයකුගේ නමින්.

තිලංගගේ අග සව්වකු වුවත් දැන් ෂම්මි සිල්වාගේ හොඳම හිතවතා බවට පත්ව ඩබල් ගේමක නිරත වන ගොඩලියැද්ද ෂම්මිට කේළාම් කියා බොහෝ දෙනකුගේ රැකියා වලටත් තට්ටු කර තිබෙනවා. ක්‍රිකට් ආයතනය තුළ ගොඩලියැද්ද ජනප්‍රිය වී ඇත්තේ " කේළමා" යනුවෙන්.

එන එන ක්‍රීඩා ඇමතිවරයා සමගත් රජයේ විගණන නිලධාරීන් සමගත් ඩීල් දැමීමට ෂම්මි යොදා ගන්නේ ගොඩලියැද්දවයි.

හිටපු ක්‍රීඩා ඇමති හරීන් ක්‍රිකට් අරමුදල් තම දේශපාලන වැඩ සඳහා යොදවා ගත්තේත් ගොඩලියැද්ද හරහායි.

හරි වෝහාරික විගණනයක්  කරන්නේ නම් මේ ඩීල් සියල්ල සොයා ගත හැකියි.

බයිසිකලෙන් පැමිණ මේ වන විට කෝටිපතියකු බවට පත්ව හැම තැනම හොර අඹුවන් නඩත්තු කරන ගොඩලියැද්ද ගැන වෙනම සීඅයිඩී පරීක්ෂණයක් සිදු කළ යුතු බවට lankasportnews කියන්නේ වගකීමෙන්.

රටේම සිදුව ඇති දූෂණ වංචා හොරකම් හොයා හොරුන්ට දඬුවම් කරන බව කියා බලයට පැමිණි වත්මන් ජනාධිපතිවරයා මෙවැනි  ක්‍රිකට් හොරුන්ට තව දුරටත් නිදැල්ලේ සිටින්නට ඉඩ හරින්නේදැයි මුළු රටම අවධානයෙන් යුතුව බලා ඉන්නවා.

සබැඳි ලිපි 





No comments:

Post a Comment