ක්‍රීඩාවේ ලොකුම හොරු හඳුන්වල දෙන හෙළිදරව් මාලාව යටතේ lankasportnews ඉදිරිපත් කරන මීළඟ හොරා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන රවින් වික්රමරත්නයි.
ඉස්සර බැංකුවක වැඩ කර තිලංග සුමතිපාලගෙ පිහිටෙන් මොබිටෙල් ආයතනයේ ඉහළ පුටුවකට පත් වුණු රවින්ව ක්‍රිකට් පරිපාලනයට එක්ක ආවේත් තිලංගමයි.
රවින්ගෙ ළමයි ඕස්ට්‍රේලියාවෙ ඉගෙන ගන්න සල්ලි දුන්නෙත් තිලංග වුණත් දැන් තිලංගත් රවිනුත් ඉන්නෙ හිත හොඳකින් නෙවෙයි.
ඒ රවින් තිලංග දැනුවත්ව වගෙම නොදැනුවත්වත් ක්‍රිකට් වලින් හොරා කන්න පුරුදු වීමත් කන්න දීපු අත හපා කෑව වගේ තිලංගට පිටුපා ෂම්මිට කඩේ යන්න පටන් ගැනීමත් නිසයි.
පානදුර හා කලුතර පීසීසී අතර තරගය පාවා දීමට රවින් සම්බන්ධ බවට ඒ සඳහා පත්කළ පාලිත කුමාරසිංහ පරීක්ෂණ වාර්තාවෙන් සනාථ වුණත් රවින්ව ඉන් බේර ගත්තෙත් තිලංගමයි.
ක්‍රිකට් ආයතනය මගින් වැඩිම විදෙස් සංචාර වල නිරත වීමේ නිශාන්ත රණතුංගගේ වාර්තාව බිඳ හෙළමින් විදෙස් ගත වූ රවින් මේ වන විට ඒ සඳහා දිනකට ඩොලර් 700 බැගින් වූ දීමනා වලින් ඉතුරු කර ගත් මුදල කෝටි ගාණක් වෙනවා.
ඊට අමතරව ලංකා ප්‍රිමියර් ලීගයෙන් ගැසූ කොමිස් මුදලත් කෝටි ගාණක් වෙනවා.
දැනට උප සභාපති වරයකු ලෙස ඇවුරුදු ගානක් ඉන්න රවින්ගේ ඉලක්කය ෂම්මිගෙන් පස්සෙ ක්‍රිකට් මුල් පුටුවට ඒමයි.
ළඟකදි පවත්වපු අලුත් දිස්ත්‍රික් හා පළාත් පුහුණුකරුවන් පත් කිරීම් වල වැඩි හරියක් පත් වීම් ලබා දී තිබුණේ පානදුර ප්‍රදේශයේ අයටයි.
ඒ සමහරු රවින්ගේ පානදුර නිවස බලා ගත් ගෙදරට බඩු ගේන්න කඩේ ගිය අය වීමත් විශේෂයි.
අලුතින් අයිසීසියේ දූෂණ මර්ධන ඒකකයේ ලොක්කා ලෙස පත් වීම් ලැබූ සුමති ධර්මවර්ධන හරි නම් මුලින්ම කළ යුත්තේ තරග පාවා දීමේ චෝදනා ලැබූ රවින්ට එරෙහිව අයිසීසියේ පරීක්ෂණයක් පැවැත්වීමයි.
ඒත් එයත් හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් වනු ඇතැයි ක්‍රිකට් ආයතනයේ සේවකයෝ පවසනවා.
ඒ සුමති ධර්මවර්ධනත් බිරිඳගේ නමින් දඹුල්ල ක්‍රීඩාංගණයේ සිකුරිටිය සම්බන්ධ කොන්ත්‍රාත්තුව කලක් මුළුල්ලේ රැගෙන හිඳීම නිසයි.
හොරු අල්ලන්න බලයට ආ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙරට ලොකුම හොර ගුහාවේ හොරු ටික අල්ලා ගන්නේ කවදාදැයි ක්‍රීඩා ලෝලීන් බලා ඉන්නවා.
ජනතාවට පොරොන්දු වූ ආකාරයටම කළොත් ක්‍රිකට් ආයතනයේ ඉන්න හොරු අතරින් මුල් තැනක් ගන්නා රවින් වික්‍රමරත්න අලුතින් හදන මාළිගාවත් හරි නම් රාජසන්තක කළ යුතු බව lankasportnews කියන්නේ වගකීමෙන් යුතුවයි.
No comments:
Post a Comment