• Breaking News

    Lankasportnews -අපේ යුතුකම හා නව ජනපතිගේ යුතුකම


    අපේ රටේ දේශපාලනයේ මෙන්ම ක්‍රීඩාවේද හොරු ඇත්තේ පොකුරු පිටින්. ක්‍රීඩාවට අරක් ගත් හොරුන් ගැන lankasportnews හෙළිදරව් කරන්න ගත්තේ අද ඊයේ පටන් නොවෙයි.


    ඒත් ‍ හරින් ප්‍රනාන්දු හිටපු ක්‍රීඩා ඇමතිවරයාත්  හිටපු ජනාධිපති වරුත් ඒ හොරුන් රැකීමට පියවර ගත් නිසා සිදු වුණේ එම හොරු නිරුපද්‍රිතව තම හොරකම් තව තවත් කරගෙන යාම පමණයි.

    වගකිව යුතු ක්‍රීඩා වෙබ් අඩවියක් හැටියට රට වෙනුවෙන් අප කළ මෙහෙවරත් අපතේ ගියත් දැන් ඇවිත් ඉන්නේ හොරු ඇල්ලීමට ජනවරමක් ලබා ගත් ජනාධිපතිවරයකු හා ක්‍රීඩා ඇමතිනියක් නිසා දිගින් දිගටම අපි ක්‍රීඩාවට අරක් ගෙන ඉන්න හොරු ගැන  හෙළිදරව් කරන්න පටන් ගන්නවා.

    හොරු අල්ලන්න ජනතා වරම ලැබූ අනුර කුමාර සහෝදරයාත් ඒ ගැන මුකුත් නොකළොත් අපිට කියන්න වෙන්නෙ උනුත් එකයි මුනුත් එකයි මුන්ව එළවල ආපු උනුත් එකයි කියලයි.

    ඒ වගේම අපිට කියන්න ඉඩ තියන්න එපා...

    උනුත් එකයි
    මුනුත් එකයි
    එහෙම කියපු
    උනුත් එකයි කියලා...


    No comments