ජාතික බැඩ්මින්ටන් සංගමය යනු කලක සිට කූඨ වැඩ සදහා ප්‍රසිද්ධියක් උසුලන ක්‍රීඩා සංගමයකි. එහි නවතම තත්ත්වය වන්නේ දූෂණය පිටුදැකීමට පැමිණි වත්මන් රජයේ අග්‍රාමාත්‍යවරිය හෙවත් ක්‍රීඩා ඇමතිනියටත් කොලේ වසා ගේමක් ගැසීමය.
මේ දිනවල සමස්ථ ලංකා වයස අවුරුදු 13න් පහල යුගල කණ්ඩායම් ශූරතාවලිය පැවැත්වෙන්නේ දිගනදීයි. මෙම තරගාවලියට එක්ව සිටින වත්තල ලයිසියම් පාසල වෙනත් පාසලක ක්‍රීඩකයකු ව්‍යාජ තොරතුරු ලබා දී ක්‍රීඩා කරවා අතටම හසුවී තිබෙනවා. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල කලක සිට ප්‍රදේශයේ ක්‍රීඩා දක්ෂතා දක්වන දරුවන්ව බිලී බා ගන්නේ සිය පාසලේ ක්‍රීඩා දක්ෂතා ඉහළ නංවා ගැනීමටයි.
මෙවර තරගාවලියට ලයිසියම් ජාත්‍යන්තර පාසල අවුරුදු 13න් පහළ ක්‍රීඩකයකු ඉදිරිපත් කර ඇත්තේ එම සිසුවා අධ්‍යාපනය ලබන පාසලෙන් අස්වීමක් ලබා නොගනිමිනි. මෙලෙස කඩි මුඩියේ ක්‍රීඩකයින් ඇතුලත් කරහෙන ව්‍යාජ තොරතුරු ලබා දී ඇත්තේ ජාතික බැඩ්මින්ටන් පුහුණුකරු හසිත චානකයි. ඔහු එලෙස සිදුකර ඇත්තේ සිය කීර්තිය ඉහළ නංවා ගැනීම අරමුණු කරගනිමින් බව තරගාවලියට එක්ව සිටින එම පාසලේම දෙමාපියන් Lankasportsnews අප වෙත කියා සිටියා.
මෙවන් වරදකදී එම පාසලම තරගාවලියෙන් ඉවත් කිරීමට මීට පෙර කටයුතු කරනු ලැබුවා. නොඑසේ නම් පාසලට දඩුවම් පැමිණවීමේ කටයුතු ද සිදු වුණා. එහෙත් මෙවර එම ක්‍රීඩකයාව පමණක් තරගාවලියෙන් ඉවත් කර පාසලට කිසිදු දඩුවම් පැනවීමක් සිදු නොකිරීම සියල්ලන්ගේ මවිතයට හේතු වී අවසන්. කෙසේ වෙතත් එලෙස කටයුතු කර ඇත්තේ ජාතික බැඩ්මින්ටන් පුහුණුකරුගේ බලපෑම් හේතුවෙන් බව වැඩිදුරටත් අප වෙත වාර්තා වනවා. මෙම අක්රමිකතාව පිලිබද ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි කර ඊට වත්මන් රජයේ ක්‍රියාමාර්ග පිලිබද විමසිලිමත් වීමට දෙමාපියන් මේ වන විටත් තීරණය කර අවසන්.
No comments:
Post a Comment