• Breaking News

    ක්‍රීඩාව කන්න ෂෙමාල්ට අලුත් ආන්ඩුවෙත් සහය


    අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති වෙලා දැන් සති කිහිපයක් ගතවෙලා. හරිනි අමරසූරිය අගමැතිනිය මෙන්ම ක්‍රීඩා ඇමතිනිය වෙලත් සති කිහිපයක් ගෙවිල ඉවරයි. ක්‍රීඩාව කියන්නෙ අනිකුත් විෂයන් වගේම සංකීර්ණ විෂයක්. ක්‍රීඩාවට වෙනම අමාත්‍යාංශයක් පිහිටුවල තියෙන්නෙත් ඒකයි. හරිනි ක්‍රීඩා ඇමතිනියට අමාත්‍යාංශ ගොඩක් පැවරිලා තියෙන නිසා ඇය ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තේ වැඩිය එවෙන්නෙ නැහැ.


    ඒ නිසා දිනපතා එහි කටයුතු බලන්නෙ ඇයගෙ පෞද්ගලික ලේකම් වරියයි තරුණ නීතිඥ වරයකුයි. හරිනි ඇමතිනිය වගේම මේ දෙන්නාටත් ක්‍රීඩාව හා ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩ කටයුතු ගැන දැනුමක් නැහැ.

    මෙයින් උපරිම ප්‍රයෝජනේ ගන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ කූඨ නිලධාරීන් බව අප කියන්නේ වගකීමකින් යුතුවයි. ෂෙමාල් ප්‍රනාන්දු, අයි.පී.විජේරත්න, කියන්නේ අන්ත දූෂිතයන්. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු ගැන විශේෂ ලිපියකින්  මීට පෙරත් අප හෙළිදරව් කළා.

    ඒත් තමන් හා ඊර්ෂ්‍යාවෙන් පසු වන්නන් තමාට මාධ්‍ය මගින් මඬ ගහන බව කියමින් මොහු තවමත් අමාත්‍යාංශය තුළ තම දූෂණ ක්‍රියාවන් එලෙසම කරගෙන යන බවත් හිටපු ගුවන් හමුදා උසස් නිලධාරියකු වන වත්මන් රජයේ වගකිව ආරක්ෂක යුතු නිලයක් දරන්නෙකු තම මිත්‍රයකු බැවින් බිය වීමට කරුණක් නොමැති  බවත් මොහු කියා තිබෙනවා.

    හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු  2024 මැයි මස 29 දින විශේෂ ගැසට් පත්‍රයක් මගින්  නියෝගයක් ලබා දෙමින්  දන්වා ඇත්තේ රග්බි සම්මේලනය, නෙට්බෝල් සම්මේලනය, මෝටර් රථ ධාවන සම්මේලනය හා පාපැදි සංගමය තාවකාලිකව විසුරුවා හැර ඒවායේ නිලවරණ පවත්වන තෙක් නිසි බලධාරියා ලෙස ෂෙමාල් ප්‍රනාන්දු  පත් කරන බවයි.

    එහෙත් ෂෙමාල් ප්‍රනාන්දුගේ  පක්ෂග්‍රාහී ක්‍රියා පිළිවෙත නිසා එම සංගම් හතරේම පාර්ශ්වයන්  මේ වන විට උසාවි ගොස් තිබීම නිසා මාස 5 ක් තිස්සේ එම සංගම් අක්‍රීයව පවතිනවා. මෙය තමන්ට අවස්ථාවක් කර ගත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයා තම හිතවතුන් සතුටු කරවමින් මෙම සංගම් පාලනය කරමින් සිට්නවා.

    තමන්ගේ හිතවතකු වන මෝටර් සයිකල් සංගම් නිලධාරියකුට  අලුතින් මෝටර් රථ ක්‍රීඩා සමාජයක්ද අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමට අවස්ථාව සලසා එම නිලධාරියාට මෝටර් රථ සම්මේලනයේ අසම්මත නිලයක් පවරා වැඩේ වැරදුනු පසුව එම පත්වීම නැවත අවලංගු කිරීමටද මොහු පියවර ගත්තා.





    මේ අතර උසාවිය මගින් අභියෝගයට ලක් කර ඇති හිටපු නෙට්බෝල් සභාපතිනියද කණ්ඩායමේ සාමාජිකාවක් පරිදි කටයුතු කර ඇත්තේද අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ පැරණි මිත්‍රත්වය අනුව බවත් lankasportnews වෙත වාර්තා වෙනවා. මේ හේතු නිසා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් වරයා දිනෙන් දින ක්‍රීඩා ඇමතිනියද අපහසුතාවට පත් කරද්දී ඇමතිනියද කිසිදු පියවරක් නොගැනීම ගැන  ක්‍රීඩා සංගම් වල නිලධාරීන් ජාතික ජනබලවේග රජය කෙරෙහිද කණස්සල්ල පළ කර සිටිනවා.

    සබැඳි ලිපි



    No comments