ළඟදී පැවැත්වෙන අවුරුදු 19 න් පහළ කාන්තා ආසියානු කුසලාන තරගාවලිය සඳහා තෝරා ගැනීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමට සුබාස්කරන් අලිරාජාගේ පක්ෂයෙන් මැතිවරණයට මෙවර තරග කරන ටී.එම්.ඩිල්ෂාන්ගේ දියණිය ඇතුළත් කර ගැනීමට පුහුණුකරු මහේෂ් වීරසිංහ ප්‍රබල උත්සාහයක් ගන්නා බව lankasportnews වෙත වාර්තා වෙනවා.
මේ වෙනුවෙන් ඔහුට විශාල මුදලක් ජරාව ලෙස ලැබී ඇති බවත් අපට වාර්තා වෙනවා.
පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරයටද 16 වැනි ක්‍රීඩිකාව ලෙස ඩිල්ෂාන්ගේ දියණිය රැගෙන ගිය අතර එහිදී ප්‍රබල ඕස්ට්‍රේලියානු පිල සමග එකදු තරගයකටවත් නොදමා දුර්වල නවසීලන්ත පිල සමග තරගයකට පමණක් ඇයව යෙදවීමට මෙම පුහුණුකරු කටයුතු කර තිබෙනවා.
මොහු තමන් යටතේ පුහුණුව ලබන ක්‍රීඩිකාවන්ට දැඩි නීති පනවා ඔවුන් පීඩනයට ලක් කරන අයුරු ගැන මීට පෙර lankasportnews මගින් පෙන්වා දෙනු ලැබුවා. තවමත් ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන ටී.එම්.ඩිල්ෂාන් මැතිවරණ කොමිසමද රවටමින් මෙවර මැතිවරණයට තරග වදින බව මේ අතර කියවෙනවා.
No comments:
Post a Comment