ක්‍රිකට් ආයතනය මගින් පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දුගේ ඉල්ලීම් මත විවිධ ක්‍රීඩා ප්‍රවර්ධන වැඩ සටහන් වලට යයි කියමින් වියදම් කර ඇති කෝටි ගණනක මුදල් සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස ජනපතිවරයාගෙන් හා ක්‍රීඩා ඇමතිවරයාගෙන් ඉල්ලා සිටීමට සාමාජික ක්‍රිකට් ක්‍රීඩා සමාජ කිහිපයක් කටයුතු කිරීමට සූදානම් වන බව lankasportnews වෙත වාර්තා වෙනවා.
වත්මන් ක්‍රිකට් බලධාරීන්ගේ මුදල් නාස්තිය බලා සිටියා ඇති බවත් බොහෝ සාමාජික ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික්, පළාත් සංගම් නිලධාරීන් මොවුන්ගේ පඩි හා වරප්‍රසාද ලැයිස්තුවේ සිටින බැවින් ඔවුන් කුමන අන්දමේ දූෂිත ක්‍රියා කළත් ඒ දෙස නොදැක්කා සේ සිටියද අවංකවම ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රීඩා සමාජ කිහිපයක් එක් වී ජනාධිපතිවරයාගෙන් හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටින බවත් ඔවුන් අප සමග පැවසුවා.
බොහෝ මාධ්‍යවල ක්‍රීඩා මාධ්‍යවේදීන් ක්‍රිකට් බලධාරීන්ගේ ජරාවට හසුව මාසික වැටුපක් හා විදෙස් සංචාර අනුග්‍රාහකත්ව ලබන නිසා ඔවුන් ක්‍රිකට් දූෂණ හෙළිදරව් නොකරන මේ අවදියේ lankasportnews කරනු ලබන කාර්‍ය්භාරය අතිශයින් අගය කරන බවත් එක් ප්‍රසිද්ධ ක්‍රීඩා සමාජයක නිලධාරියෙක් අප සමග පැවසුවා.
මේ අතර ජනාධිපතිවරණය ආසන්නයේ හරින් ප්‍රනාන්දු ක්‍රීඩා අරමුදලේ මුදල්ද අයුතු ලෙස අවභාවිතා කරමින් පවත්වන ලද සංගීත සංදර්ශනද ඇතුළත් ස්මාර්ට් ස්පෝට්ස් සැණකෙළිය වැඩ සටහන සඳහා ක්‍රිකට් ආයතනයෙන් ලබා දී ඇති මිලියන 35 හා ඒ සඳහා අනුමැතිය ලබා දුන් වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත හා මුදල් මුදා හරින ලද භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔවුන් ඉල්ලා සිටීමට නියමිත බව එම නිලධාරියා අප සමග කියා සිටියා.
මේ සඳහා මුදල් අනුමත කරමින් ක්‍රිෂාන්ත කපුවත්ත විසින් අත්සන් කරන ලද ලියැවිල්ලක් මීට පෙර එක් මාධ්‍යයක පළ කෙරුනු අතර එම ලියැව්ල්ල දැන් අතුරුදන්ව ඇති බවත් එය කෙසේ හෝ ලබාගෙන ජනපතිවරයාට යොමු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
මේ අතර ක්‍රිකට් ආයතනයේ ඩොලර් 700 බැගින් දිනකට ලබාගෙන ෂම්මි, රවින්, කපුවත්ත, ඈෂ්ලි හා සුජීව යන නිලධාරීන් පසුගිය වකවානුවේ යන ලද විදෙස් සංචාර ගැනද වාර්තාවක් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා සිටීමට තමන් කටයුතු කරන බවද ඔහු පැවසුවා.
ක්‍රිෂාන්ත කපුවත්ත යනු රැල්ලට ගසා ගෙන පැමිණි ජොන්ස්ටන් ප්‍රනාන්දු ළඟ සිටි උසාවියෙන්ද වරදකරුවකු වූ අන්ත දූෂිතයකු බවද වාර්තා වෙනවා.
ක්‍රිෂාන්ත කපුවත්ත යනු රැල්ලට ගසා ගෙන ආ ජොන්ස්ටන් ප්‍රනාන්දු ළඟ සිටි උසාවියෙන්ද වරදකරුවකු වූ සීනි ආනයනයේ වංචනිකයකු වන අන්ත දූෂිතයකු බවද වාර්තා වෙනවා. ක්‍රිකට් ආයතනය වෙනුවෙන් වන නඩු සඳහා කෝටි ගණන් වියදම් කළ ආකාරය හා ඒ සඳහා මැදිහත් වෙමින් කෝටි ගණන් හම්බ කළ රැකව නම් නීතිඥයාගේ අනීතික වැඩ ගැනත් වහාම සොයා බැලිය යුතු බවත් එම ක්‍රීඩා සමාජ නිලධාරියා පැවසුවා.
මීළඟ ලිපිය -
රවින් වික්‍රමරත්නගේ දූෂිත දිස්ත්‍රික් පුහුණුකරු පත්වීම්
No comments:
Post a Comment