අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති ධූරයට පත්වී සති කිහිපයක් ගත වුණත් මාලිමාවේ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව ක්‍රීඩාව සම්බන්ධව කිසිදු ක්‍රියා මාර්ගයක් මේ වන තුරු ගෙන ඇති බවක් පෙනෙන්නට නොතිබෙන බව ක්‍රීඩා ක්ෂේත්රයේ කතා බහට ලක්ව තිබෙනවා.
ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ක්‍රීඩාව පිළිබඳ මුල්ම වගන්තිය වන ක්‍රීඩා පනත මුළුමනින්ම සංශෝධනය කිරීම අනිවාර්ය කටයුත්තක්.
එහෙත් එය නම් දවසෙන් දෙකින් කළ හැකි කටයුත්තක් නොවන බව කිව යුතුයි.
ඒ ඒ ක්‍රීඩා සංගම් වල ජාත්‍යන්තර මව් සංගම් වල ව්‍යවස්ථාවට අනුකූල මෙන්ම අපේ රටට හරි යන විගණනය රජයේ විගණකාධිපති පාලනයකින් අධීක්ෂණය වන පොදු ව්‍යවස්ථාවක් හදන්න නම් ඒ සඳහා විශේෂ දැනුමක් ඇති පුද්ගලයන්ගෙන් සැදුම් ලත් කමිටුවක් පත් කළ යුතුයි.
එය නම් මහ මැතිවරණයට කලින් සිදු කිරීමට අපහසු කටයුත්තක් වුවත් ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා පරිපාලන ආයතන වල ඇති වංචා විමර්ෂණ සොයා බැලීම නම් වහාම සිදු කළ යුත්තක් බව lankasportnews වගකීමෙන් යුතුව කියනවා.
රටේ පවතින දූෂිතම ආයතන අතරින් ප්‍රධාන තැනක් ගන්නා ක්‍රිකට්, පාපන්දු, ක්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික ඔලිම්පික් කමිටුව වහා වෝහාරික විගණන වලට යටත් කොට ඒවායේ වංචනිකයන් උසාවිය හමුවට කැඳවා දඬුවම් ලබා දීම නම් ක්‍රීඩා ඇමතිනිය ලෙස හරිනි අමරසූරියට දැන් වුවත් ආරම්භ කළ හැකියි.
එතෙක් වන්නේ මේ සියලු දෙනා ක්‍රීඩාව ගැන හරි අවබෝධයක් නොමැති අගමැතිනිය ඇන්දවීමයි.
ක්‍රිකට් පාලකයන් පවසන්නේ ඔවුන් දැනටම මාලිමාවත් අල්ලන් ඉවර බවයි.
මේ බව සනාථ වන ලිපි මීට පෙරත් lankasportnews පළ කළා.
හරින් ප්‍රනාන්දුත් කරගෙන ආ අමාත්‍යාංශ තුනට අමතරව ක්‍රීඩා අමාත්‍යාංශයත් භාර ගෙන අවසානයේ ගෙදර ගියේ හොඳටම නාගෙනයි.
ක්‍රීඩාවේ දූෂණය නැති කරන බව කියූ ඔහු කළේ තම ගජ මිතුරු සමාජ පෝෂණය කිරීමයි.
එනිසා මාලිමා රජයක් යටතේත් ගජ මිතුරු හොර නඩ පෝෂණය නොකොට රටේ අනිකුත් ස්ථාන මෙන්ම ක්‍රීඩාවත් දූෂණයෙන් තොර පිරිසිදු තැනක් බවට පත් නොකරන්නේ නම් ක්‍රීඩාව සම්බන්ධ ඔවුන්ගේ ප්‍රතිපත්ති මාලාව තවත් එක් ප්‍රබන්ධයක් පමණක් වනු ඇතැයි ක්‍රීඩකයන් පවසනවා.
🥇පදක්කම් රාළ 🎖️
No comments:
Post a Comment