බෝන් අගේන් ලින්ඩන් හැනිබල් සමග හිස ඔසවයි
ක්‍රිකට් ආයතනයේ බොහෝ පත්වීම් දෙන්නේ පුද්ගලික හිතවත්කම් හා නිලවරණයේ චන්ද පදනම මතයි. ඒ අතර බෝන් අගේන් නිකායේ අනුගාමිකයන්ටත් විශේෂ තනතුරු හා වරප්‍රසාද හිමි වෙනවා.
මාධ්‍ය මගින් හෙළිදරව් කිරීම නිසා පසුගිය කාල සීමාවේ බෝන් අගේන් කල්ලියේ බලපෑම් අඩුව තිබුණත් නැවතත් බෝන් අගේන් පිල්ලි කරළියට එන්න පටන් අරන් බව lankasportnews කියන්නේ වගකීමෙන්.
මේ බව ඔප්පු වන හොඳම සිද්ධියක් වන්නේ මේ දවස් වල පැවැත්වෙන ශ්‍රී ලංකා කොදෙව් තරගාවලියයි.
කොතරම් හොඳින් දේශීය තරග වල විනිශ්චයන් ලබා දුන් නවක විනිසුරුවන් සිටියදී ජාත්‍යන්තර පමණක් නොව දේශීය තරග වල පවා දුර්වල විනිසුරුවරයකු වන ලින්ඩන් හැනිබල් ටික කලකට සඟවා තබා කොදෙව් තරගාවලියට යළි එක් කර ඇත්තේ ඔහුගේ බෝන් අගේන් සබඳතාව නිසයි.
ඔහු පාස්ටර් ජෙරොම්ගේ හොඳම අනුගාමිකයෙක් බව ප්‍රසිද්ධ කරුණක්.
තවත් ජෙරොම් අග සව්වකු වන රොෂාන් අබේසිංහටත් ක්‍රිකට් ආයතනයේ ලැබෙන්නේ ඉහළම සැළකිල්ලක්. මුදලට ඕනෑම මයික්රපෝනයක් කටට ළං කරගන්නා මොහු ජාත්‍යන්තර විස්තර විචාරයේ නැත්නම් ක්‍රිකට් ආයතනයේ යූ ටියුබයේ හෝ විස්තර විචාරයේ යෙදෙන්නේ නවක විස්තර විචාරකයකුට ඉඩක් නොතබමින්.
ඈෂ්ලි ද සිල්වා, රුවන් කල්පගේ , ජෙරොම් ජයරත්න , මහින්ද හලංගොඩ වැන්නන් බොරු කරමින් හොඳ වැටුප් ලබමින් ක්‍රිකට් ආයතනයේ රැකියා වල ස්ථාවරව රැඳී සිටින්නේ බෝන් අගේන් බලයෙන්.
කොහේවත් සිටි, හරිහැටි දුව ගන්නවත් බැරි, භානුක රාජපක්ෂ යළි කණ්ඩායමට ආවේත් බෝන් අගේන් බලයෙන් බව ක්‍රීඩකයන්ම පවසනවා.
No comments