Wednesday, October 16, 2024

ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් තවත් සංචාරයකට අර අඳී.!


ක්‍රීඩාවට අරක්ගෙන සිටින ගුල්ලන් ගැන lankasportnews විසින් කරනු ලබන හෙළිදරව් මාලාවේ අංක 1 ලෙසින් අප හඳුන්වා දුන්නේ එහි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු ගැනයි.


නාවික හමුදාවෙන් විශ්‍රාම ගියත් විශ්‍රාමික යන්න නොයොදා රියර් ඇඩ්මිරල්  යනුවෙන් ලිපි ශීර්ෂ වල පවා තමන්ව හඳුන්වා ගන්නා හා බොරු මහාචාර්‍ය කමක් අලවාගෙන සිටින ෂෙමාල් ප්‍රනාන්දු මේ වන විට සහභාගි වී ඇති වාර්තා ගත සංචාර වලට ළඟදීම එක්වන්නේ ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු නෙට්බෝල් තරගාවලිය බව  lankasportnews වෙත වාර්තා වෙනවා.

අභියාචනාධිකරණය මගින් නෙට්බෝල් නිලවරණය පැවැත්වීම අත්හිටුවා ඇති මොහොතක  ක්‍රීඩා ඇමතිනිය වන අගමැතිනි හරිනි අමරසුරියවද නොමග යවමින් කටයුතු කරන ෂෙමාල් හිටපු සභාපතිනිය නිල සභාපතිනිය ලෙස හඳුන්වා දී ආසියානු තරගාවලියට යන නෙට්බෝල් කණ්ඩායමේ නිල සේයාරුවටද ඇයව ඉන්දවීම ආන්දෝලනයට ලක්ව තිබෙනවා.

මෙතෙක් අධ්‍යක්ෂ ජනරාල්ලා නොකළ පරිදි ෂෙමාල් විදෙස් සංචාරවලට යන කණ්ඩායම් වල නිල සේයාරුවටද වාඩි වීම සිරිතක් කරගෙන සිටිනවා.

එමගින් එම කණ්ඩායම යන රටට තමන්ද ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදලින් යාමට මොහු පොටක් පාදාගන්නා බව ක්‍රීඩා අමාත්‍යාංශයේම නිලධාරින් පවසනවා.

මොහු වරක් තම දියණිය බැලීම සඳහා දුනු විදීමේ තරගාවලියකට ජපානයටද  ගිය බව අපි මීට පෙර හෙළිදරව් කළා.

රොෂාන් රණසිංහ විසින් පත්කරනු ලැබූ මොහු හරින් ප්‍රනාන්දු සමයේද මෙම තනතුරේ කටයුතු කර දැන් හරිනි අමරසූරියගේද කණින්‍ රිංගමින් තව දුරටත් තම රැකියාව බේරා ගැනීමට කටයුතු කරන අතර මොහු විසින් ඔටෝ මෝබයිල් සංගමයට අනීතිකව කරන ලද පත්වීම් හා අධ්‍යක්ෂ ජනරාල් පදවිය අවභාවිතා කරමින් කර ඇති තවත් දේ අපේ මීළඟ හෙළිදරව්වෙන් දැක්වීමට බලාපොරොත්තු වෙනවා.

හරිනි ! පරිස්සමෙන් කටයුතු කරන්න. ඔබට ඇති ක්‍රීඩා අමාත්‍යාංශය යනු  මෙවැනි හොරුන්ගේ රජ දහනක් බව තේරුම් ගත යුතු වෙනවා.

පෙර ලිපිය..


No comments:

Post a Comment