• Breaking News

    වත්කම් හොයද්දි ක්‍රිකට් ලොක්කෙකුට බඩ යන්න අරන්


    ක්‍රිකට් ලොක්කන්ගේ වත්කම් ගැන ඉන්කම් ටැක්ස් එකෙන් ඉල්ලල තියෙන වාර්තා දවසෙන් දවස පරක්කු කරමින් සිටින බව lankasportnews වෙත වාර්තා වෙනවා. මෙම වාර්තා විධායක සභාවේ එක් එක් අය වෙන වෙනම ලබා දිය යුතු වුණත් ක්‍රිකට් ආයතනයෙන්ම ගෙවා ඒ සියල්ල අධීක්ෂණය කර පිළියෙළ  කරන්න නිතර සීසීසී ක්‍රීඩා සමාජයේ සිටින ජ්‍යේෂ්ඨ නීතිඥ වරයකුට පවරා ඇති බවත් වාර්තා වෙනවා.


    බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේද ඉහළ නිලයක් දරණ නිලධාරියෙක් මේ වන විට බියෙන් පසුවන බවත් එයට හේතුව වී ඇත්තේ ඉහළම බලධාරියෙකුගේ වත්කම් රැසක් මොහු නමට පවරා තිබීම නිසා බවත් පැවසෙනවා.

    තවත් ඉහළ නිලධාරියකුට මේ දිනවල බඩ යන්නට පටන් ගෙන තිබෙන අතර ඔහු නවලෝක රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගෙන ඇතැයිද වාර්තා වෙනවා.

    මොහු මීට මාස කිහිපයකට පෙර කෝටි හතරකට මාතලේ ටවුමෙන් විශාල  නිවසක් මිළදී ගෙන තිබෙන බවද වාර්තා වෙනවා.

    මේ අතර නොබෝදා කෝටි ගණනක නව නිවසක් ඉදි කළ  ජනසතු සේවාව නියෝජනය කරන තවත් නිලධාරියකු තම නිවස හොරු බිඳ සොරා ගත් මිලියන ගණනක් උපයා ගත් ආකාරය හෙළිදරව් වේ යයි බියෙන් පසුවන බවත් වාර්තා වෙනවා.

    මේ අතර පානදුර ප්‍රදේශයේ අලුතින් නිවසක් ඉදි කරන තවත් ඉහළ නිලධාරියකු ද තම නියම වත්කම් හෙළි නොකර සිටින්නේ කොහොමද යන්න ගැන කල්පනා කරමින් කොයි වෙලේත් කොරිඩෝරයට වී සිගරට් උරමින් කල් ගත කරන බවත් වාර්තා වෙනවා.

    No comments