ක්‍රීඩාවට ගහපු ගුල්ලෝ - ක්‍රීඩාවේ හොරු 01
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ජනපතිවරණයට පෙර දුන් පොරොන්දු අතර ක්‍රීඩාවේ වංචා දූෂණ වැළක්වීමට කටයුතු කිරීමත් ප්‍රධාන තැනක් ගන්නවා.
ක්‍රීඩා ඇමතිවරිය වන්නේ අගමැති හරිනි අමරසූරියයි.
තවමත් ක්‍රීඩාවේ හොරු ගැන කරන දෙයක් කියවෙන්නෙ නැහැ.
ක්‍රිකට් වල හොරුත් එහෙම්මයි.
හරිනි ඇමතිනියට ඔක්කොටම කලින් ක්‍රීඩා අමාත්‍යාංශයත් සුද්ධ කරන්න වෙලා තියෙන බව lankasportnews කියන්නෙ වගකීමෙන්.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කියන්නෙත් හොඳම පතෝල කරලක්. ක්‍රීඩාව ගැන මෙලෝ හසරක් නොදන්නවා වුණත් පහුගිය කාලෙම කළේ හිටපු ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු කියන කියන දේ කරපු එකයි.
පහුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ චන්ද ව්‍යාපාරයට ක්‍රීඩා අරමුදලින් කෝටි ගණනක් අනුමත කර දුන්නෙත් මේ ලේකම් වරයායි.
ඒත් අලුතින් පත් කළ ලේකම්වරයා බවට යළි පත්වීම ලබන්න මොහුට හැකි වුණා.
ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු කියන්නෙත් සුදු පිරුවටයක් පොරොව ගත්තු පල් හොරෙක්.
ක්‍රීඩා අමාත්‍යාංශයට පත්ව ආ දින පටන් මොහු විදෙස් සංචාර කීයකට ගොස් තිබේද ඒ සඳහා ඩොලර් කීයක් රැගෙන ගොස් තිබේද යන්න සොයා බැලීම අලුත් ක්‍රීඩා ඇමතිවරියගේ කාර්යයක්.
ඔලිම්පික් පැරා ඔලිම්පික් විතරක් නොවෙයි කිසිම වැදගම්මක් නැති දුනු විදීමේ තරගාවලියකටත් මොහු කිසිම සම්බන්ධයක් නැතිව ජපානයට ගොස් තිබෙනවා. ඒ ජපානයේ කෝබේහි සිටින තම දියණිය මුණ ගැහෙන්නයි.
දුව මුණගැහෙන්න ගිය මොහු අදාල තරග පැවැත්වුණු ස්ථානයටවත් ගිහින් නැති බව වාර්තා වෙනවා.
මේ සංචාරයට මොහු යාම නිසා පැරාලිම්පික් තරගාවලියට යාමට තිබූ අවස්ථාවක් ගලීනා බස්නායක නම් පිහිනුම් ක්‍රීඩිකාවකට අහිමි වුණා.
ඇයට සුදුසුකම් ලැබීමේ තරගාවලියට යාමට නොහැකි වීම ගැන අභියාචනය කිරීමේ අවස්ථාව මොහු ජපානයට වී සිටීම නිසා අහිමිව ගියා.
මීට අමතරව ෂෙමාල් ප්‍රනාන්දු ක්‍රීඩා සංගම් නිලවරණ වලදී තමන්ට හිතවත් නිලධාරීන්ට පක්ෂග්රාහී ලෙස කටයුතු කළ බවට චෝදනා රැසක් තිබෙනවා.
නෙට්බෝල් සංගම් නිලවරණය තමත් ඇදෙමින් තිබෙන්නේ මොහු හිටපු නිලධාරීන්ට පක්ෂපාතීව කටයුතු කිරීම නිසා බව බොහෝ අය දන්නා දෙයක්.
කොහොම වෙතත් ක්‍රීඩා අමාත්‍යාංශය තුළම මෙවැනි විෂබීජ තබාගෙන ක්‍රීඩාව සුද්ධ කරන්නේ කෙසේදැයි හරිනි ඇමතිවරිය ඒ පැත්තේ යන වෙලාවක හොයා බැලුවොත් හොඳ බව lankasportnews නැවතවරක් කියන්නේ වගකීමකින් යුතුවයි.
No comments