Friday, September 13, 2024

ගුණේ අයියා බැඩ්මින්ටන් මුල් පුටුවට ගහන ගේම


ජාතික සංගමයක මුල් පුටුව නොහොත් සභාපති තනතුර යනු ගෞරව නාමයක් පමණක් නොව මුදල් ගැරීමේ ව්‍යාපාරයක් බවට මේ වන විට පත් වෙමින් ඇත.


ඒ වෙනුවෙන් පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාවට නංවන ගොඩට ජාතික බැඩ්මින්ටන් සංගමයත් මේ වන විට පත්ව තිබේ.

වර්ක් ෂොප් නොහොත් වැඩසටහන් මුවාවෙන් රට වටේ සවාරියේ යන බැඩ්මින්ටන් සංගමයේ ප්‍රධාන තනතුරක් දරන ගුණේ අයියා ප්‍රසිද්ධව ඇත්තේ මුදල් කාබාසිනියා කරමින් ආතල් ගැනීමටයි.

දිස්ත්‍රිකවල බැඩ්මින්ටන් ව්‍යාප්ත කිරීම යන බෝඩ් ලෑල්ලට මුවා වී අපේ කතා නායක ගුණේ අයියා බැඩ්මින්ටන් මුල් පුටුවට මේ දිනවල  ඉව අල්ලමින් ඇත්තේ පොලිස් බල්ලන්ද පරවන ලෙසයි.

ජාඩියට මූඩිය සේ අනෙක් පසින් ඔහුට එක්ව සිටින්නේ මන්ද බුද්ධික සිල්වායි. සිල්වා කියන හැම දේකටම ආවඩන්නේ පශ්චාත් භාගය ඉල්ලුවොත් ඒකත් දෙන්නම් කියන්නාක් මෙන් බව කොල්ලෙක් කියනවා කණ වැකුණි.

මේ සිල්වා නොහොත් හැමෝම ආදරේට කියන පෙට්ටියා ගුණේ අයියා පස්සේ වැටී සිටින්නේ මීය කඩා අත ලෙව කන්න නොවේ. ඒ තමන් මේ වන විට සිදුකරගෙන යන බැඩ්මින්ටන් පුහුණුකරු සහතික ලබා දීමේ වැඩ සටහන වෙනුවෙනි.

මේ අනුව බලන විට ජාතික බැඩ්මින්ටන් සංගමය ළඟදීම හයිජැක් කර ගුණේ අයියා රජ වීමට ඇදුම් මසා ඇති බව පමණක් අවසන් ලෙස මෙලෙස සටහන් කරන්නේ තවත් අඩව්වක් ළඟදීම හෙළි කිරීමේ බලාපොරොත්තු ඇතුවයි.


No comments:

Post a Comment