ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හා තේරීම් වලට ගොස් ඇති කලදසාව ගැන 19 න් පහළ කාන්තා කණ්ඩායමේ තේරීම් හොඳම උදාහරණයක් බවට පත්වෙලා තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමට දිස්ත්‍රික් හා පළාත් තරගාවලි දෙකක් පැවැත්වුණු අතර එයට එක් ක්‍රීඩිකාවක් අහසින් පාත් වී තිබුණා.
ලංකාවේ පාසල් කණ්ඩායමකට හෝ ක්‍රීඩා කර නොමැති ඇය ඕස්ට්‍රේලියාවේ පදිංචි කාරියක් වීම විශේෂත්වයක්.
මැයව මෙම තරග වලට යෙදවූයේ ඕස්ට්‍රේලියාවේ පුරවැසි බව ලබා එහි පදිංචිව සිටින ඇගේ පියාගේ බලපෑමෙන්.
මොහු වෙනින් කවුරුවත් නොව හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් බව අමුතුවෙන් කිව යුතු නැහැ.
මේ දිනවල රට හදන්න කියමින් සජබෙ වේදිකාවට ගොඩ වී සිටින මොහු ෂම්මි සිල්වා, ඈෂ්ලි ද සිල්වා පුහුණුකරුවන් වන මහේෂ් වීරසිංහ , ලංකා ද සිල්වා හා තේරීම් කමිටු සභාපති හේමන්ත දේවප්‍රිය අල්ලාගෙන කෙසේ හෝ තම දියණිය මෙම කණ්ඩායමට ඇතුළත් කර ගෙන තිබෙනවා.
මෙම සංචාරයට ක්‍රීඩිකාවන් 15 දෙනකු නම් කිරීමට නියමිතව තිබුණත් තේරීම් කමිටුව ඩිල්ෂාන්ගේ දියණිය එම 15 දෙනාට ඇතුළත් වී නොතිබුණු අතර ඩිල්ෂාන් විසින් ෂම්මි සිල්වා හරහා අමතර ක්‍රීඩිකාවක් ලෙස ඇයව එක් කර ගැනීමට කටයුතු කර තිබෙන බව මෙම ක්‍රියාව අනුමත නොකරන ක්‍රිකට් බලධාරියෙක් lankasportnews වෙත පැවසුවා.
මේ අතර ජනාධිපතිවරණය තෙක් චන්ද කටයුතු වල නිරත වන ඩිල්ෂාන් 27 දා නැවත තමන් පුරවැසි භාවය දරණ ඕස්ට්‍රේලියාව බලා යාමට නියමිත බවත් ඒ යන්නේ දියණියගේ තරග වලට ගොස් පුහුණුකරුට බලපෑම් කොට ඇයව තරග වලට රිංගවා ගැනීමට බවත් වාර්තා වෙනවා.
මේ අතර මෙම කණ්ඩායමට සීනිගම ක්‍රිකට් ඇකඩමියේ ක්‍රීඩිකාවන් කිහිප දෙනකුම ඇතුළත් කොට තිබිම විශේෂත්වයක්.
එහි ගෞරවය හිමි විය යුත්තේ එම ඇකඩමියේ පුහුණුකරු ලෙස සති අන්තයේ කටයුතු කරන කාන්තා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හේමන්ත දේවප්රියටයි.
ලංකාවේ කාන්තා ක්‍රිකට් වලටත් දෙයියන්ගේම පිහිටයි.
ජ්‍යේෂ්ඨ කණ්ඩායමේ තේරීම්ද බොහෝ විට සිදු කෙරෙන්නේ නායිකා චමරිගේ හිතවත් කම් අනුව බවත් පැවසෙනවා.
No comments:
Post a Comment