Sunday, September 8, 2024

ජෝකර්ට අදින ක්‍රිකට් කළමනාකරු මහින්ද හලන්ගොඩ


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විනය පිළිබඳ වගකිව යුතු කළමනාකරු හලංගොඩ මේ වන විට ක්‍රීඩකයන්ගේ සුරතලෙකු බවට පත්ව ඇතැයි වාර්තා වෙනවා.

සියලුම ක්‍රීඩකයන්ට " මචං" යනුවෙන් අමතන හලංගොඩව ක්‍රීඩකයන් තඹ සතයකටවත් මායිම් නොකරන බවත් ක්‍රීඩක විනය දිගින් දිගටම වැටෙද්දීත් ඔහු කළමනාකාර ධූරයෙන් ඉවත් නොකර සිටීමට එක් හේතුවක් වන්නේ ක්‍රීඩකයන් ඔහුව දිගටම ඉල්ලා සිටීම නිසා බව lankasportnews වෙත වාර්තා වෙනවා.

අනික් හේතු වන්නේ උප සභාපති ජයන්ත ධර්මදාසගේ පාසල් සගයකු හා ඔහු වෙත කණ්ඩායමේ කේළාම් සපයන්නකු වීමත් සභාපති ෂම්මි සිල්වාගේ ව්‍යාපාර කටයුතු වලට කණ්ඩායම තුළ සහාය දැක්වීමත් බවද වාර්තා වෙනවා.

මේ වන විට එංගලන්තයට පැමිණ සිටින බොහෝ ක්‍රීඩකයන් ක්‍රිකට් වලට වඩා තම බිරියන් සමග ෂොපිං යාමට මුල් තැන දෙන්නේද හලංගොඩගේ ලිහිල නිසා බවත් ඔහු නිතර සනත් ජයසූරිය සමග හෝටලයෙන් පිටත ගමන් වල නිරත වන බවත් අපට තොරතුරු සපයන ක්‍රීඩකයෙක් පැවසුවා.

මෙහි දැක්වෙන පින්තූරයෙන් දැක්වෙන්නේද   ලෝඩ්හි කණ්ඩායම් සේයාරුවක් ගැනීමට සැරසෙද්දී ක්‍රීඩකයන් විසින් තම කළමනාකරුව ජෝකරයකු කරමින් බයිට් කරන ආකාරයයි.


No comments:

Post a Comment