• Breaking News

    ඩිල්ෂාන්ගේ දුව දිස්ත්‍රික් කණඩායමකට උඩින් පාත් වෙලා


    ශ්‍රී ලංකා ක්‍රිකට් හි  පුහුණුකාර කමක් බලාපොරොත්තුවෙන් මාස ගණනක් එක් එක් කෙනා පසුපස ගොස් අනතුරුව වැඩේ වණ කරගත් තිලකරත්න ඩිල්ෂාන් ආපසු ඕස්ට්‍රේලියාවට ගියත් තම දියණිය නැවත ලංකාවට එවා දිස්ත්‍රික් තරගාවලියකට රිංගවීමට සමත්ව තිබෙනවා.


    විදේශයක පදිංචි ක්‍රීඩිකාවක්   එක්වර දේශීය දිස්ත්‍රික් කණ්ඩායමක ක්‍රීඩා කරවීම කළ නොහැක්කක් වුවත් රවින් වික්‍රමරත්න, චින්තක එදිරිමාන්න, සනත් ජයසූරිය හා ෂම්මි සිල්වා යන අයගේ බලපෑම මත අයථා ලෙස දිස්ත්‍රික් කණ්ඩායමකට යොදවා තිබීම නිසා දේශීය පාසල් හා ක්‍රීඩා සමාජ වල දස්කම් දක්වන ක්‍රීඩිකාවකගේ අවස්ථාව අහිමි කර තිබීම කතා බහට ලක්ව තිබෙනවා.


    ඩිල්ෂාන්ගේ අරමුණ වී ඇත්තේ කෙසේ හෝ තම දියණිය 19 න් පහළ ජාතික කණ්ඩායමට රිංගවීමයි. මේ සඳහා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවේ කිහිප දෙනකු තම සාක්කුවට දා ගැනීමට ඩිල්ෂාන් සමත්ව ඇති බවත් lankasportnews වෙත වාර්තා වෙනවා.


    පෙර ලිපිය

    පුහුණුකරු බලාපොරොත්තු සුන් වී ඩිල්ෂාන් ආපසු ඕස්ට්‍රේලියාවට යයි

    No comments