• Breaking News

    කනිෂ්ඨ පිලේ පුහුණුකරු තමන්ගේ අයෙක් පත් කරගන්න ලෙජන්ඩ්ලාත් තරගයේ


    ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුරප්පාඩුව පවතින පුහුණුකරු ධූරය සඳහා දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින තිලාන් සමරවීර තෝරා ගන්නා මෙන් එක්තරා ක්‍රිකට් ලෙජන්ඩ් කෙනකු බලපෑම් කරන බව lankasportnews  වෙත වාර්තා වෙනවා.


    මීට පෙර තවත් ලෙජන්ඩ් කෙනකු මෙම පුහුණුකාර ධූරයටම තිලකරත්න ඩිල්ෂාන්ව තෝරා ගන්නා ලෙස බලපෑම් කළ නමුත් ක්‍රිකට් බලධාරීන් විසින් එය ප්‍රතික්ෂෙප කර තිබෙනවා.

    රිච්මන්ඩ් විදුහලේ හිටපු පුහුණුකරු හා වත්මන් හයි පර්ෆෝමන්ස් පුහුණුකරුවකු වන ධම්මික සුදර්ශනගේ නමද මේ අතර කියවෙනවා.

    තිලාන් සමරවීර හා ඔහුගේ බිරිඳ කලක් ඔහුව නිර්දේශ කරන ලෙජන්ඩ්ගේ ගෙදර බේබි සිටින් හා රෙදි පිළි  සෝදන වැඩේද කළ බව ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසක්. මේ අතර නිත්‍ය පුහුණුකරුවකු නොමැතිවත්  
    ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම එංගලන්තයේදී දස්කම් දක්වමින් සිට්නවා.

    No comments