• Breaking News

    මහේල , සිල්වර්වුඩ් අස්වෙද්දී සනත් හැංගි මුත්තන් සෙල්ලම් - කුජීත ඩිල්ෂාන්ව ගේන්න සනත් හා හරින්ගෙන් යටින් ගේමක්


    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට නොහැකිව ආපසු පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් හා උපදේශක මහේල ජයවර්ධන තම ඉල්ලා අස්වීමේ ලිපි ක්‍රිකට් ආයතනයට භාර දී තිබෙනවා.


    ඒත් කණ්ඩායම සමගම රැඳී සිටි උපදේශක සනත් ජයසූරිය මෙතෙක් ඉල්ලා අස්වීමට තීරණය කර නොමැති බව lankasportnews වෙත වාර්තා වෙනවා.

    ජ්‍යෝතීර්වේදීන්ගේ උපදෙස් මත ඔහු දෙසතියක් යනතුරු කිසිදු ප්‍රකාශයක් හෝ නොකර සිටිනු ඇතැයිද පරාජයේ වගකීම තමන්ට අදාල නොවන බව කියමින් ක්‍රීඩා ඇමති හරීන් සමග එක්ව තමන්ට අවශ්‍ය පුහුණුකරුවන් ගෙන්වා ගැනීමට සූදානමින් සිටින බවත් වාර්තා වෙනවා.

    මේ අනුව ඔවුන්ගේ ගජ මිතුරු තිලකරත්න ඩිල්ෂාන්ව පුහුණුකාර මණ්ඩලයට එක් කර ගැනීමට උපරිම උත්සාහයක් දරනු ලබන බවද lankasportnews වෙත දැන ගන්නට ලැබී තිබෙනවා.

    තිලකරත්න ඩිල්ෂාන් යනු කිසිදු පුහුණු සුදුසුකමක් නැති තරග පාවා දීම් ඉතිහාසයක් ඇති සිම්බාබ්වේ රටට ඇතුල්වීම පවා තහනම් කර ඇති අයකු බැවින් ක්‍රිකට් බලධාරීන් ඔහුට ක්‍රිකට් කණ්ඩායමේ  පුහුණු රැකියාවක් ලබා දීමට අකැමැත්තෙන් පසු වන බවත් වාර්තා වෙනවා.

    මේ අතර ඕස්ට්‍රේලියාවට ආපසු යා නොහැකි හේතුවක්ද ඇති ඩිල්ෂාන් ක්‍රිකට් ආයතනයේ පුහුණු රැකියාවක් කෙසේ හෝ තමන්ට ලබා දෙන මෙන් නාමල් රාජපක්ෂ ලවා ෂම්මිට බලපෑම් කරන බවද  ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරියෙක් lankasportnews වෙත පැවසුවා.

    `` ඩිල්ෂාන් ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය අරන් තියෙද්දිත් තමන්ගෙ ළමයින්ගෙ අධ්‍යාපන කටයුතු පවා අඩාල කර ගනිමින් මෙහෙ ඇවිත් කල් ගෙවීම සැක සහිතයි. එයාගෙ දුවවත් ලංකාවට ගහන්න හරියට බලපෑම් කරනවා. කාන්තා තේරීම් කමිටුවත් අල්ලන් ඉන්නේ.
    ප්‍රතිරූපය පුම්බන්න ලොකු මාධ්‍ය මෙහෙයුමකුත් කරනවා." තම නම හෙළි කිරීමට අකැමැති එම විධායක කමිටු නිලධාරියා තව දුරටත් පැවසුවා.

    මේ අතර අපට ලැබුණු තවත් තොරතුරක් වන්නේ උපදේශක කමට අමතරව  සුදු පන්දුවේ පුහුණුකරු ධූරයද තමන්ට ලබා දෙන මෙන් සනත් ඉල්ලා සිටින බවයි.

    No comments