ලංකා ප්‍රිමියර් ලීගය නම් කුණු ගොඩ ගැන එමට කතා අහන්න ලැබෙනවා. ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ පෙරහුරු වලට සහභාගි නොවී මහීෂ් තීක්ෂණ ලංකා ප්‍රිමියර් ලීග ක්‍රීඩක වෙන්දේසියට සහභාගි වුණේ කොහොමද යන්න බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබෙනවා.
ලෝක කුසලානයේ ලංකාව නියෝජනයට වඩා මොවුන්ට ලංකා ප්‍රිමියර් ලීගය ලොකු වීම හා ක්‍රිකට් ආයතනයේ වගකීම් විරහිත ක්‍රීඩක පාලනය අදහා ගත නොහැකි බව හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු Lankasportnews අප සමග පැවසුවා.
ක්‍රීඩ්ක වෙන්දේසියට පෙර දින හෝටල් කාමරයක තිබුණු ඒජන්තයන්ගේ රහසිගත හමුවකටද ඔහු එක්ව තිබෙනවා.
මේ වන විට ක්‍රීඩාවේ දූෂණ වැළක්වීමේ පොලිස් ඒකකය විසින් ක්‍රීඩකයන් කිහිප දෙනකුගේම ජංගම දුරකථන තමන්ගේ භාරයට ගෙන තිබෙනවා. ඒ ඔස්සේ බොහෝ දෙනාගේ සැබෑ නිරුවත එලියට එනු ඇතැයි ඉහළ පොලිස් නිලධාරියෙක් Lankasportnews අප කළ විමසීමකදී කියා සිටියා.
No comments:
Post a Comment