ලංකා ප්රිමියර් ලීගය ( LPL) මේ වෙන කොට බොහෝ දෙනා හඳුන්වන්නෙ ලංකා බෙටින් ලීගය ( LBL ) යනුවෙන්. දඹුල්ල අයිතිකරු තරග පාවා දීමේ චෝදනාව මත මේ වන විටත් ඉන්නේ රිමාන්ඩ් භාරයේයි. මේ හේතුවෙන් දඹුල්ල කණ්ඩායමට තෝරා ගැණුනු බොහෝ ක්රීඩකයන් ගැන සැක පහළ වී තිබෙනවා.
තරග පාවා දීමේ ඔත්තුවත් පොලිසියට ලැබී ඇත්තේ දඹුල්ල කණ්ඩායමෙන්මයි.
තරගාවලි අධ්යක්ෂ සමන්ත දොඩන්වලද ප්රශ්න කිරීම සඳහා ක්රීඩාවේ වැරදි හා දූෂණ සොයා බලන ඒකකයට ගෙන්වා තිබීම මත ඉදිරියේදී කණ්ඩායම් වල පුහුණුකරුවන්,ක්රීඩකයන්, කළමනාකරුවන් හා රැසකගෙන් ප්රශ්න කිරීමට නියමිත බව Lankasportnews වෙත වාර්තා වෙනවා.
මේ අතර ගාල්ල කණ්ඩායම ගැනද සැක කටයුතු කරුණු රැසක් පොලිසිය වෙත ලැබී ඇති අතර එම කණ්ඩායමේ යටින් බොහෝ දේ කළ ක්රීඩක කළමනාකරුවකු වන අමිල කළුගලගේ ගැන ඉදිරියේදී විශේෂ විමර්ෂනයක් සිදු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වෙනවා.
මේ අතර මෙම පරික්ෂණ සඳහා අයිසීසියේ දූෂණ විමර්ෂණ ඒකකයේ ප්රධානී ඇලෙක්ස් මාෂල්ගේ පූර්ණ සහායද ලැබෙයි.
No comments:
Post a Comment