ලංකාව හැර දමා පවුල් පිටින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් එහි පුරවැසිභාවයද ලබා ගත් තිලකරත්න ඩිල්ෂාන් දැන් මාස තුනක් තිස්සේ ඉන්නේ ලංකාවෙයි. ඩිල්ෂාන් තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවා කඩාකප්පල් කරමින් ලංකාවට වී ඉන්නේ තම දියණිය ජාතික කණ්ඩායමකට රිංගවා ගැනීමට බව lankasportnews වෙත වාර්තා වෙනවා.
ලංකාවේ දේශීය ක්‍රීඩා සමාජ හෝ පාසල් තරගාවලියක ක්‍රීඩා නොකර කෙළින්ම තම දියණිය අන්තර් පළාත් තරගාවලියකට රිංගවා ගැනීමට ඩිල්ෂාන් සූක්ෂම ලෙස කටයුතු කර තිබෙනවා.
මේ සඳහා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවේ කිහිප දෙනෙක් හා කාන්තා කණ්ඩායම් පුහුණුකරුවන් දෙදෙනකු ඩිල්ෂාන්ට උදව් කර ඇතැයි වාර්තා වෙනවා.
මේ අතර කඩේ යන මාධ්‍ය කරුවන් කිහිප දෙනකු හරහා යූ ටියුබ් හා ෆේස් බුක් පේජ් කරුවන් කිහිප දෙනකු ලවා තම දියණිය ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට තරම් හැකියාවක් ඇති බවට මාධ්‍ය මෙහෙයුමක් සිදු කිරීමටද ඩිල්ෂාන් කටයුතු කර අවසන්.
දක්ෂතා ඇති ක්‍රීඩිකාවන් ගම්බද ඕනෑ තරම් සිටියදී ඩිල්ෂාන්ගේ දියණිය උලුප්පා දීමට හෑලි ලියන්නන් ගැන හැබෑ ක්‍රිකට් ලෝලීන් අප්‍රසාදය පළ කර සිට්තැයි වාර්තා වේ.
මේ අතර ඩිල්ෂාන්ගේ මුල් කසාදයේ පුත්‍රයා මේ වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කරමින් සිටිනවා. ඔහු උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් එහි යාමට පෙර කොළඹ රාජකීය විදුහල් පළමු පෙළ කණ්ඩායමේ ක්‍රිඩා කර තිබෙනවා.
No comments:
Post a Comment