ක්‍රිකට් ආයතනය දූෂිත බවත් නීතිය ඉදිරියට ගෙන ආවොත් එහි නිලධාරීන් වසර දහයකට සිර ගෙට යා හැකි බවත් හිරු නාලිකාවේ සලකුණ වැඩ සටහනේදී ක්‍රීඩා අමාත්‍යවරයා කළ ප්‍රකාශයෙන් පසු ඇතැම් ක්‍රිකට් බලධාරීන් තැති ගෙන තිබෙන බව lankasportnews වෙත වාර්තා වෙනවා.
මේ වන විටත් තම නෑයන් ඕස්ට්‍රේලියාවේ වසන ඉහළ නිලධාරීන් දෙදෙනකු පසුගියදා එහි ගොස් තමන්ටද එහි ස්ථිර පදිංචියට යාමට වීසා සකස් කර ගැනීමේ උත්සාහයක නිරතව තිබෙනවා.
මේ අතර විශාල මුදලක් විදේශීය බැංකු ගිණුම් වල තැන්පත් කොට පසුව ගිණුමින් අතුරුදන් වී ඇති සිද්ධ්ය ගැනද ප්‍රධාන විධායකයා සැක කෙරෙන හෙයින් ඔහුද තැති ගෙන සිටින බවත් වාර්තා වෙනවා.
ඉදිරි දින කිහිපයේ හොරු සමග හෙළුවෙන් සිටින නිලධාරීන් කිහිප දෙනකුටම මූල්‍ය වංචා පිළිබඳ අධිකරණයේ නඩු පැවරීමේ සූදානමක් පවතිනවා.
No comments:
Post a Comment