• Breaking News

    ක්‍රීඩා ඇමති ඉඟුරු දීලා මිරිස් අරන්!


    ක්‍රීඩා අමාත්‍යාංශයේත් කාලෙන් කාලෙට අපූරු දේවල් වෙනවා. එදා පටන්ම හොඳ සීතල හොරු ,කම්බ හොරු වගේම පිං පඩි කාරයෝ ඉන්න තැනක් හැටියට ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රසිද්ධයි. මොන ඇමති ආවත් මේ සෙට් එක නම් වෙනස් වෙන්නෙ නැහැ. 


    වත්මන් ඇමතිවරයා කාලෙකින් කළ හොඳ පත්වීමක් වුණේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ලෙස අද්මිරාල් ෂමාල් ප්‍රනාන්දුව පත් කිරීමයි.


    අමාත්‍යංශයේ වවාගෙන කමින් සිටි නිලධාරියකු වන වික්‍රමසිංහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කර බර ඉසිලීම බලන්නට මහනුවරට මාරු කර යවා තිබුණත් ඔහු නැවතත් පරණ තැනටම ගෙනත් තිබෙනවා. 


    මේ මාරුව කර ඇත්තේ එතැන හිටපු අයි.පී.විජේරත්න වෙනත් අමාත්‍යාංශයකට මාරු කර හැරීමෙන්.


    නේපාලයේ පැවැති සාෆ් තරගාවලියේ සිදු කළ වැරදි තොගයක් තිබුණත් බේරි බේරී සිටි විජේරත්න පසුගියදා ක්‍රීඩා අමාත්‍ය නිලධාරීන් කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ අසන ප්‍රශ්නයකට උත්තරදිය නොහැකිව තටමනු රටම දැක්කත් ඊයෙ පෙරේදා මාරුව ලබන තුරු අල්ලන් ඉන්න සමත් වුණා. 


    කොහොම උනත් ක්‍රීඩා ඇමතිවරයාට කිව හැක්කේ මාරුව ඉතාමත් හොඳ වුණත් කර ඇත්තේ ඉඟුරු දී මිරිස් ගත්තා වගේ වැඩක් බවයි. අයි.පී විජේරත්න දූෂිතයකු නම් වික්‍රමසිංහ යනු අන්ත දූෂිතයකු බව ක්‍රීඩා ක්ෂේත්‍රයේ හැමෝම දන්න දෙයක්.


    No comments