ගම්පහ දිස්ත්‍රික්කයෙත් බැඩ්මින්ටන් ගැරිල්ලක්
නොවැම්බර් 10 සිට පවත්වනු ලබන බැඩ්මින්ටන් තරගාවලියක් සඳහා ගම්පහ දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය හොඳ ගැරිල්ලක් සිදු කරන්නට යන බව lankasportnews වෙත වාර්තා වෙනවා.
මේ සඳහා සහභාගි වන එක් ක්‍රීඩකයකුගෙන් රුපියල් 1,500 සිට 3,500 දක්වා අය කරන බව ඔවුන් දන්වා තිබෙන්නේ පළාත් සභාවෙන් මෙම තරගාවලියේ අනුග්‍රාහකත්වය වෙනුවෙන් රුපියල් ලක්ෂ 40 ක් ලබාගෙන සිටියදී වීම විශේෂ සිද්ධියක්.
මෙම ගැරිල්ල සිදු කරන සංවිධායක මණ්ඩලයේ ප්‍රධානියා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් බවත් ඔහු තම බලතල යොදාගෙන සංවර්ධනයට යොදා ගැනීමට ඇති පළාත් සභා අරමුදලින් මෙසේ තරගාවලියකට මෙතරම් මුදලක් ලබා ගෙන ඇති බවත් අපට වාර්තා වෙනවා.
සහන් ප්‍රදීප් නම් මෙම මන්ත්‍රීවරයා බැඩ්මින්ටන් සභාපතිවරයා සමග පසුගියදා නාකි බැඩ්මින්ටන් තරගාවලියකට කොරියාවටද ගිය අතර එහිදී එක් ක්‍රීඩකයකු කොරියාවේ ගල් වී ඇති බව අප මීට පෙර වාර්තා කළා.
පෙර ලිපිය
නාකි බැඩ්මින්ටන් තරගාවලියට ගිය අපෝන්සු කොරියාවේ ගල් වෙලා.!
No comments