හිරු නොබසින රාජ්‍යයේ ක්‍රිකට් කණ්ඩායම හා මිළ නොබසින රාජ්‍යයේ ක්‍රිකට් කණ්ඩායම් දෙකේ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගය අද( 26) පැවැත්වෙන බව සමාජ ජාල වල සඳහන් වෙනවා.
කෙසේ වෙතහ් 96 ලෝක ශූරයන් හා පසුගිය ලෝක ශූරයන් අතර මෙම තරගය පැවැත්වෙන්නේ කණ්ඩායම් දෙකම කුජීත වී ලකුණු සටහනේ අවසන් කොටසේ සිටින අවස්ථාවකයි.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ඉවත්කොට හිටපු නායකයකු අද තරගයේ ක්‍රීඩා කිරීමත් විශේෂත්වයක්.
යම් හෙයකින් ඇන්ජෙලෝ මැතිව්ස් අද තරගයේ ලකුණු රැස්කර වීරයකු වුවහොත් කණ්ඩායම සමග සිටින තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්රමසිංහගේත්, කන්සල්ටන්ට් කෝච් මහේල ජයවර්ධනගේ කලිසම් ගලවන්නට ඔහු සමත් වෙනවා.
ඒ දිගින් දිගටම ඇන්ජෙලෝ එළියෙන් තියන්න කටයුතු කළේ මොවුන් දෙදෙනා වීම නිසයි.
මේ වන විටත් දසුන් විසින් මොවුන් දෙදෙනාගේ කලිසම් භාගෙට ගලවා දමන්නට සමත් වී ඇති බවත් සදහන් කළ යුතුයි.
ලොකුම ගැහිලි කාරයන් පාලක මණ්ඩලයේ සිටියත් තවමත් නෙදර්ලන්තය හැරුණුකොට වෙනත් කණ්ඩායමකට ගහන්න බැරිව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අද තරගයේදී ලොවටම ක්‍රිකට් ඉගැන්වූ එංගලන්ත සුද්දන්ට ගහන්න හැකිවේවායි lankasportnews අපේ ප්‍රාර්ථනයයි.
No comments:
Post a Comment