සංචාර වල විනය කැඩූ ක්‍රීඩකයන් ගැන ක්‍රීඩා අමාත්‍යාංශය නිහඬ ඇයි.?
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදෙස් රටක සංචාරය කරන ජාතික කණ්ඩායමක ක්‍රීඩකයකු හෝ නිලධාරියකු එහිදී විනය විරෝධී හැසිරීමක නිරත වුවහොත් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට දඬුවම් දීමේ බලයක් ක්‍රීඩා පනත අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට තිබෙනවා.
එහෙත් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විස්සයි විස්ස ලෝක කුසලාන තරග අතරතුර ඕස්ට්‍රේලියාවේදී අනාචාරයේ හැසිරීමට කණ්ඩායමෙන් බැහැරව යාම පිළිබඳ ක්‍රීඩා ඇමතිවරයා මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති වීම පුදුමයට කරුණක්.
එහෙත් ක්‍රිකට් ආයතනය විසින් ධනුෂ්කව ඕස්ට්‍රේලියාවේ අධිකරණයෙන් ලිංගික අතවර චෝදනාවෙන් නිදහස් කිරීම පාදක කරගෙන ඔහුට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කරන්නට යෙදුනා.
ක්‍රිකට් ආයතනයේ මෙම තීරණය තමන් අනුමත නොකරන බව ක්‍රීඩා ඇමතිවරයා පසුගියදා රූපවාහිනියට පැවසුවත් ඔහු විසින් අමාත්‍යාංශ මට්ටමින් ගත යුතු පියවර මෙතෙක් අරගෙන නැහැ.
මේ විතරක් නොව කොමන්වෙල්ත් තරගාවලිය , ප්රවීණයන්ගේ කොරියානු බැඩ්මින්ටන් තරගාවලිය, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය යන සංචාරවලදී අතුරුදන් වූ අය ගැන හෝ ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය අතර තුර බීමතින් පිස්සු නැටූ ක්‍රීඩිකාවන් පිළිබඳවද අමාත්‍යාංශ මට්ටමින් කිසිදු පියවරක් ගැනීමට ඇමතිවරයා අසමත් වී තිබෙනවා.
ක්‍රීඩාවේ විනය හදන්නට නම් කතාවෙන් මෙන්ම ක්‍රියාවෙන්ද කටයුතු කළ යුතු බව lankasportnews මතයයි.
විදෙස් සංචාර වල විනය විරෝධී ලෙස හැසිරෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ යුතු ආකාරය ක්‍රීඩා පනතේ කියවෙන අයුරු මෙහි දැක්වෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශයට අලුතින් පත් කෙරුණු ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් ෂමාල් ප්‍රනාන්දුගේ දුර්වලකමත් මින් හොඳින් පැහැදිලි වෙනවා.
No comments