අර්ජුනට එරෙහිව ෂම්මි පැවරූ අපහාස නඩුව නිෂ්ප්රභා කෙරේ
රූපවාහිනී ප්‍රකාශයක් මගින් තමන්ට අපහාසයක් කරන ලදැයි කියමින් ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ පවරා තිබුණු නඩුවකදී ෂම්මි විසින් ඉල්ලන ලද අතුරු තහනම් නියෝගය අද ( 23 ) කොළඹ දිසා විනිසුරු විසින් නිෂ්ප්රභා කර තිබෙනවා.
මෙම නඩුව ෂම්මි පවරා තිබුණේ වන්දි වශයෙන් රුපියල් බිලියන හයක් තමන්ට ගෙවන ලෙස ඉල්ලමින්.
මෙම නඩුව සඳහා ඉහළම නීතිඥ ගාස්තු අය කරන රොමේෂ් ද සිල්වා හා කුවේර ද සොයිසා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පැමිණිලිකාර ෂම්මි සිල්වා වෙනුවෙන් පෙනී සිටීම කැපී පෙනෙනවා.
පසුගිය කාල සීමාව තුළ රුපියල් කෝටි තුන්සීයක පමණ මුදලක් ක්‍රීඩා ඇමති හා මාධ්‍යකරුවන්ට එරෙහි නඩු සඳහා නීතිඥ ගාස්තු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙවා ඇති බව lankasportnews මීට පෙර වාර්තා කළා.
පෙර ලිපි
No comments