SSC - NCC ප්‍රමුඛ පෙළ අවසන් තරගය ෆික්සින් වන ලකුණු?
මැච් ෆික්සිං කියන්නේ තරග පාවා දීම්. ඒවා සිදුවන්නේ එක් එක් ආකාරයෙන්. මේ දවස් වල අමුතුම ෆික්සිං එකක් ගැන වාර්තා වෙනවා.
ලංකාවේ අංක එකේ ක්‍රීඩා සමාජය කියන්නෙ කොළඹ SSC ක්‍රීඩා සමාජය වුණත් මේ දවස් වල නෝන්ඩිම ක්‍රීඩා සමාජය බවට පත් වෙලා.
ඒ මේ දිනවල පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛ පෙළ තරගාවලියේ ලකුණු සටහනේ SSC ක්‍රීඩා සමාජය පසුවන්නෙ අවසන් ස්ථානයේ නිසයි. තවත් තරග දෙකක් පමණක් ඉතිරිව තිබියදී ඔවුන් පසු වන්නෙ ලබන ක්‍රීඩා වාරයේ දෙවෙනි පෙලට වැටීමේ අවදානමකයි.
ගිය සති අන්තයේ මුවර්ස් සමග තරගයට ක්‍රීඩා කිරීම සඳහා ඩුබායිහි ටී 20 ලීග් ක්‍රීඩා කරමින් සිටි චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු හා දසුන් ශානක ගෙන්වා ගත්තත් ඒ තරගයෙන්ද SSC පිල පරාජය වුණා.
ඒ තරගයේ තුන්වැනි දිනයේ දසුන් ශානක ශතකයක් රැස් කර දැවී ගිය පසු අසනීපයකට ප්‍රතිකාර ගැනීමට යන බව තරග තීරකට දන්වා කෙළින්ම ගොස් ඇත්තේ ගුවන් තොටුපළටයි. පැය හතරක ගුවන් ගමනකින් පසු ඩුබායිහි පැවති ලීග තරගයකට ක්‍රීඩා කර තිබෙනවා.
මෙම වැරදි ඔවුන් කරන්නේ කාගේ බලයකින්ද යන්න වහා සොයා බැලිය යුතු වෙනවා.
මේ අතර SSC අවසන් තරගය පැවැත්වෙන්නේ යාබද NCC ක්‍රීඩා සමාජය සමගයි.
ලබන වසරේ රෙලිගේට් වීමෙන් බේරීම සඳහා NCC ක්‍රීඩා සමාජයෙන් මෙම තරගයේ ජය තමන්ට ලබා දෙන මෙන් SSC ඉහළ පෙළේ නිලධාරීන් කිහිපං දෙනකු NCC නිලධාරීන් කිහිප දෙනකු සමග සාකච්චා කර ඇති බව lankasportnews වෙත වාර්තා වෙනවා.
මේ සාකච්චා සඳහා සමන්ත දොඩන්වෙල හා මාලන් රණසිංහ යන නිලධාරීන් මැදිහත් කරුවන් බවට පත්ව ඇති බවත් වාර්තාවෙනවා.
දොඩන්වෙල යනු තරගාවලි කමිටු සභාපති වරයාද වීම විශේෂ සිද්ධියක්.
ඔහු මෙවර නිලවරණයේ ප්‍රධාන නිලතල තුනටම නාම යෝජනා දී තිබෙනවා.
මෙවැනි මැච් ෆික්සින් ලංකාවේ ඉහළම පෙළේ ක්‍රීඩා සමාජ අතර වේ නම් අන්තර් ජාතික මට්ටමේ තරග ගැන කවර කතාද?
No comments