• Breaking News

    SSC පිටියේ ආලෝක ධාරා පද්ධතිය සවි කිරීම පිටුපස ලොකු කතාවක්


    කොළඹ SSC ක්‍රිඩා සමාජ ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රි ක්‍රිකට් ක්‍රීඩා කරන්න හැකි අන්දමින් විදුලි ආලෝක ධාරා පද්ධතියක් සවි කිරීමට ක්‍රිකට් ආයතනය මගින් නොබෝදා කෝටි ගණනක් වෙන් කරන්නට යෙදුනා. එහෙත් මුලින් SSC ක්‍රීඩාංගණයේ සවි කරන්නට සැළසුම් කර තිබුණේ ආර්.ප්‍රේමදාස පිටියෙන් ගලවන ආලෝක ධාරා පද්ධතියයි.


    එහෙත් වසර ගණනක් පාවිච්චි කළ ආලෝක ධාරා පද්ධතියක් තම ක්‍රීඩා පිටියේ සවි කරගන්න SSC විධායක සභාවේ වැඩි දෙනෙක් කැමති වී නැති බව lankasportnews වෙත වාර්තා වෙනවා.

    ආර්.ප්‍රේමදාස පිටියේ අලුතින් ඉදිකරන ආලෝක ධාරා පද්ධතියේ ටෙන්ඩරයත් පැරණි පද්ධතිය ගලවා SSC පිටියේ සවි කිරීමේ කොන්ත්‍රාත්තුවත් අරගෙන තිබුණේ SSC විධායක සභිකයකු වන ඩිමෝ කොම්පැණියේ ප්‍රධාන විධායක රංජිත් පණ්ඩිතගේම වීමත් වීමත් SSC විධායක සභාවේ විරෝධයට තවත් හේතුවක්  වී තිබෙනවා.

    කෙසේ වෙතත් විධායක සභාවේ බහුතරයේ විරෝධතාව හේතුවෙන් ඔවුන්ට පාවිච්චි කළ එකක් වෙනුවට අලුත් එකක් ලබා ගන්න හැකිව තිබෙනවා.

    මේ අතර අවුරුදු 15 කට ගැරන්ටියක් දී තිබුණු ආර්.ප්‍රේමදාස පිටියේ පැරණි ආලෝක ධාරා පද්ධතිය ගැරන්ටි කාල සීමාවට පෙර  ඉවත් කොට අලුත් පද්ධතියක් සවි කිරීම පිටුපස ලොකු කතන්දරයක්  තිබෙන බවත් වාර්තා වෙනවා. මේ හේතුවෙන් රංජිත් පන්ඩිතගේ මෙතෙක් පවත්වාගෙන ආ හොඳ නමත් පළුදු කරගෙන ඇති බවත් කියවෙනවා.

    No comments