• Breaking News

    හරින් ක්‍රිකට් බෝඩ් එකෙන් ගැරූ මුදල් ගැන එරංගට අමතක වෙලා.!


    තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පසුගියදා මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් තරුණ සේවා සභාවේ අරමුදල් අවභාවිතා කර ඇති ආකාරය පෙන්වා දෙනු ලැබුවා. 


    එහෙත් ඊට අමතරව හරින් ප්‍රනාන්දු එම වැඩ සටහනටම සමගාමීව ක්‍රිකට් ආයතනයෙන් ලබා ගත් ලක්ෂ 320 ක මුදල ගැන නියෝජ්‍ය ඇමතිවරයාට අමතකව තිබුණු නිසා lankasportnews ඒ බව මතක් කර දෙනවා. 


    මේ පිළිබඳව ක්‍රිකට් ආයතනය විසින් මුදල් වැය කළ ආකාරයද වහාම සොයා බැලිය යුතුයි.


    මීට අමතරව ඉඩම් ඔප්පු ප්‍රදානය වෙනුවෙන් දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති උත්සවයටද වියදම් කර ඇති ආකාරයත් කොළය වසා මේ වෙනුවෙන් ක්‍රිකට් ආයතනය මිලියන කීයක් වියදම් කළේද යන්නත් විගණනය කර සොයා බැලීමට මාළිමා රජය වහා කටයුතු කළ යුතුයි.


    මුදල් අවභාවිතා කළ ඇමතිවරුන් මෙන්ම ක්‍රිකට් බලධාරින්ද නීතිය හමුවට ගෙන ඒම දූෂණයට තිත තබන්න ආ මාලිමා රජයේ වගකීමක්.

    No comments