• Breaking News

    ක්‍රීඩා අමාත්‍යංශයෙත් පට්ටම් හොරෙක් - ඇමති නිදි


    ජාතික ජන බල වේග රජයේ ආචාර්‍ය පට්ටම්  මහාචාර්ය පට්ටම් හා  අධි නීතිඥ පට්ටම් නෝන්ඩි වෙමින් තිබියදී ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරියකුද තමන් හඳුන්වාගත් පට්ටම් සඟවා  ගැනීමට උත්සාහ දැරීමක් පිළිබඳව lankasportnews වෙත වාර්තා වෙනවා.


    එම නිලධාරියා වන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දුයි.

    කලින් රජය මගින් පත් කරන ලද මොහු පත්වීම ලද දින සිටම තම නමට ඉදිරියෙන් මහාචාර්ය හා රියර් අද්මිරාල් යනුවෙන් යොදා ගැනීමත් අවසානයේ PHD පට්ටමක් දමා ගැනීමත් ලිපි වලට පවා එසේ හඳුන්වාගැනීමත් සිදු කළත් කතානායක වරයාගේ සිද්ධියෙන් පසු ඔහුගේද පට්ටම් අතුරුදන් වී තිබීම ක්‍රීඩා අමාත්‍යාංශයේ හා  ක්‍රීඩා ක්ෂෙත්‍රයේ කතා බහට ලක්ව තිබෙනවා. මේ ඒ බව තහවුරු කරන සාක්ෂියක්.


    තතු දන්නෝ පවසන්නේ මොහුට ඇති මහාචාර්ය කමක් නොමැති බවත් විශ්‍රාමික නාවුක නිලධාරියකු නම් තම නිලය     නම ඉදිරියෙන් දමද්දී විශ්‍රාමික යනුවෙන් යොදා ගත යුතු බවත්.


    එහෙත් ෂෙමාල් ප්‍රනාන්දු තම නිලය ඉදිරියේ කිසි විටෙක විශ්‍රාමික යන්න යොදා ගැනීම නොකළ බව වාර්තා වෙනවා.

    මෙවැනි බොරුකාරයන් තව දුරටත් ක්‍රීඩා අමාත්‍යාංශයේ නිල තල දැරීමෙන් ක්‍රීඩා අමාත්‍යාවරයාගේ නොහැකියාවද මැනවින් ප්‍රදර්ශනය වෙනවා.

    ෂෙමාල් ප්‍රනාන්දු තම නිලයේ බලතල අභිබවා අත්තනෝමතික ලෙස  පසුගිය වකවානුවේ කටයුතු කිරීම නිසා නෙට්බෝල්, පාපැදි, මෝටර් රේසිං හා රග්බි යන ක්‍රීඩා සංගම් හතරේම නිලවරණ මාස ගණනක් තිස්සේ පැවැත්විය නොහැකි මට්ටමක තිබෙනවා.

    එසේ තිබියදීත් මොහු තව දුරටත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ රැඳී ඉන්නේ  නව රජයේ ක්‍රීඩා ඇමතිවරයා පවා නෝන්ඩි කරවමින්.

    No comments