• Breaking News

    ක්‍රිකට් ලොක්කෝ අගමැතිනිවත් අන්දලා


    ලෝක කැරම් ශූරතාව සඳහා ඇමරිකාවට යාමට නියමිත ශ්‍රීලංකා කැරම් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් රුපියල් මිලියන පහක අනුග්‍රහයක් ලබා දී තිබෙනවා. මෙම කැරම් කණ්ඩායම ඇමරිකාව බලා යාමට පෙර  ක්‍රීඩා ඇමතිනි අග්‍රාමාත්‍ය  හරිනි අමරසූරිය මුණ ගැසී ඇය සමග  පිංතූරයක්ද ගෙන තිබෙනවා.


    මේ අවස්ථාවට ක්‍රිකට් ආයතනයේ සට කපට භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්දද සහභාගි වී තිබෙන බව වාර්තා වෙනවා.

    තම ආයතනයට විරුද්ධව තිබෙන දූෂණ චෝදනා සියල්ල පසුගිය රජය යටතේ යටපත් කිරීමට ක්‍රිකට් බලධාරීන් සිදු කළේ නිල හා නිල නොවන අයුරින් මුදල් වියදම් කිරීමයි.

    පසුගිය කාලසීමාවේ මුළු පාර්ලිමේන්තුවම දූෂිත ක්‍රිකට් බලධාරීන් පලවා හැරිය යුතු බවට ඒකමතිකව තීරණය කළත් සාගල රත්නායකට විශාල මුදල් කුට්ටියක් ලබා දී එමගින් රනිල් වික්‍රමසිංහද නිහඬ කිරීමට ක්‍රිකට් බලධාරීන් ක්‍රියා කළ බවත් ඒ සඳහා මැදහත් කරුවකු ලෙස කටයුතු කළේ සුජීව ගොඩලියැද්ද බවත් ප්‍රසිද්ධ කරුණක්.

    ඒ අතර හිටපු ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු ලවා රනිල්ගේ චන්ද ව්‍යාපාරයට ක්‍රිකට් ආයතනයේ මුදල් කෝටි ගණනින් ලබා ගත් සැටි මාධ්‍ය මගින් පෙන්වා දෙනු ලැබුවා.

    බලයට පත්වූ විගස ක්‍රිකට් ආයතනයේ දූෂිතයන්ට දඬුවම් දෙන බව මාලිමාවේ  ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වුවත් මේ දක්වා ඒ පිළිබඳ කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති අතර ක්‍රිකට් බලධාරීන් මේ වන විට හරිනි අමරසූරියවද සූක්ෂම ලෙස අන්දා ඇති බවත් මෙම අනුග්‍රහයෙන් ඔප්පු වෙනවා.

    අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියද ක්‍රීඩා අමාත්‍යාංශයට එන්නේ  කණ්ඩායම් සමග සමූහ චායාරූප වලට වාඩිවීමට බවත් ක්‍රීඩා අමාත්‍යාංශයේම නිලධාරීන් පවසනවා.

    මේ අතර ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දුත් ක්‍රීඩාව   ගැන අවබෝධයක් නොමැති අගමැතිවරියව හොඳින් ඇන්දවීම ජයටම සිදු කරන බවත් එක් නිලධාරියෙක් lankasportnews වෙත පැවසුවා.

    No comments