පුහුණුකරු බලාපොරොත්තු සුන් වී ඩිල්ෂාන් ආපසු ඕස්ට්‍රේලියාවට යයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාර ධූරය හෝ පිතිකරණ පුහුණුකරු වීමට දරණ ලද ප්රයත්න සියල්ල අසාර්ථක වීම හේතුවෙන් තිලකරත්න ඩිල්ෂාන් තම පවුලද කැටුව ආපසු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත ගොස් ඇතැයි lankasportnews වෙත වාර්තා වෙනවා.
මීට දින කිහිපයකට පෙර තම දරු සිව් දෙනා සමග ඩිල්ෂාන් ආපසු ගොස් ඇති අතර ඔහුගේ නිළි බිරිය ලංකාවේ නැවතී තිබෙනවා.
මැණික් ව්‍යාපාරික කටයුත්තක් ඇරඹීම සඳහා ඇය දින කිහිපයකට ලංකාවේ රැඳී සිටින බව ඇයගේ නළු හිතවටකු අප සමග පවසා සිටියා.
ඕස්ට්‍රේලියාවේ තම නිවස වසා දමා දරුවන් සිව් දෙනා හා බිරිය සමග ලංකාවට පැමිණ මාස හයක් පමණ ගත කළ ඩිල්ෂාන් ලෝක කුසලාන තරග අතරතුර සිරස රූපවාහිනියේ විචාරකයකු ලෙස කටයුතු කර අමු කෙප්ප දෙසා බෑමේ නිරත වූ අතර තම 14 හැවිරිදි වැඩිමල් දියණිය ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා පිලට රිංග වීමට කටයුතු කළත් එය අසාර්ථක වී තිබෙනවා.
මේ සඳහා ඇතැම් ජඩ මාධ්‍ය කරුවන් කිහිප දෙනකුට මුදල් දී ඇය පිම්බීමේ කටයුත්තේ නිරත වූ ඩිල්ෂාන් ආපසු ගොස් ඇත්තේ ඇය යළිත් වික්ටෝරියා 16 න් පහළ තරගාවලියක ක්‍රීඩා කරවීම සඳහා බව වාර්තා වෙනවා.
ලංකාවේ සිටියදී කාන්තා පිතිකරණ පුහුණුකරු ලංකා ද සිල්වා හා 19 න් පහළ පුහුණුකරු මහේෂ් වීරසිංහටද ජරාව දී ඇයට විශේෂ පුහුණු සැසිද පවත්වා තිබුණු අතර හේමන්ත දේවප්‍රිය හා ශ්‍රීපාලි වීරක්කොඩි යන කාන්තා තේරීම් කමිටු නිලධාරින්ගේද විශේෂ සැළකිලි ලබා ගැනීමට සමත්ව තිබෙනවා.
කිසිදු පුහුණු සහතිකයක් නැතත් මේ අතර ජාතික පිලේ පුහුණුකරු ධූරයක් ලබා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා හරීන් ප්‍රනාන්දු ලවා බලපෑම් සිදු කළද ඩිල්ෂාන්ගේ බලාපොරොත්තු ඉටු නොවූ බව අපට වාර්තා වෙනවා.
සනත් ජයසූරියද ඩිල්ෂාන්ට තැනක් ලබා දීමට මුලදී තැත් කළත් පසුව ඉන් කරඇර තිබෙනවා. මේ අතර සජබය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී නිරෝෂන් පාදුක්ක හිටපු පළාත් සභා මන්ත්‍රි වරයාද ඩිල්ෂාන්ගේ තරග පාවා දීමක් ගැන හෙළිදරව් කර තිබෙනවා.
සබැඳි පෙර ලිපි
No comments