• Breaking News

    ටීවී ව්චාරෙන් කෝචිං වලට පනින ක්‍රිකට් අනාථයෝ


    වැලේ වැල් නැතිව පැරදුනත් ලෝකයේ වැඩිම පුහුණුකරුවන් උපදේශකයන් සපෝට් ස්ටාෆ් වැඩියෙන්ම ඉන්නේ ලංකාවේයි. කලක් මහේල ජයවර්ධන උපදේශක ලෙස ලෝක කුසලාන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලි වලට ගියත් දිනපු තරගාවලියක් නොමැති අතර දැන් ඒ වෙනුවට යන සනත් ජයසූරියගේ තරග දිනීමේ ප්‍රවණතාව ඊටත් අඩුයි.


    ඒ උනත් මේ උපදේශකලාට මාසෙකට ලක්ෂ පනහකට වැඩි වැටුපක් ගෙවනවා.


    ඒ මදිවාට තරග අතරතුර රූපවාහිනී වැඩ සටහන් වලට ඇවිත් බැට් කරන හැටි බෝල් කරන හැටි ෆීල්ඩ් කරන හැටි කැප්ටන් කරන හැටි ටොස් එකේ ඉඳන්ම කියල දෙන ඔස්තාර්ලාත් ඉන්නවා.


    මෙහෙම ඇවිත් මැච් දිනන හැටි කියමින් බයිලා ගැසූ අවිශ්ක ගුණවර්ධන, තිළිණ කණ්ඩම්බි, අනුෂ සමරනායක නැවතුනේ ලක්ෂ 10 සිට 20 දක්වා මාසික වැටුප් ලබන ක්‍රිකට් ආයතනයේ කෝචිං ස්ටාෆ් එකේයි.


    අර ටීවී වල කයිවාරු ගහපුවා දැන් මෙයාලගෙ වැඩ වල නැහැ.


    මේ විදියට අලුතින්ම ක්‍රිකට් ආයතනයේ කෝචිං ස්ටාෆ් එකට අලුතින්ම එකතු වෙන්න බලන් ඉන්නෙ තිලරත්න ඩිල්ෂාන්.



    ලංකාව එපා කියල පවුල පිටින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය ඩිල්ෂාන් හිටපු ගමන් ලංකාවට ආදරෙන් පවුල පිටින්ම මෙහෙ ඇවිදින් ටීවී මැච් ඔස්තාර් වැඩේ පටන් අරන්.


    දැනට ඉන්න පුහුණුකරුවො කන්ඩෙම් කරමින් තමන් හිටියා නම් කරන්නෙ මෙහෙමයි කියමින් රඟන හැටි දැක්කම දන්නෝ කියන්නේ මේ එන්නේ සිල්වර්වුඩ්ටත් ඇර කණ්ඩම්බිටත් ඇර වර්ල්ඩ් කප් එකට පස්සෙ කෝචිං ස්ටාෆ් එකට රිංග ගන්න කියලයි.


    ඩිල්ෂාන් ලංකාවෙ ක්‍රිකට් වලට රිංගවන්න ප්ලෑන ගහන්නේ හරීන්, සනත් ,අසාම් අමීන් ගජමිතුරු නඩය බව නොරහසක්.


    මීට කලිනුත් සනත් එක්ක මහ්ලලව කපන්න ප්‍රෝග්‍රෑම් කරපු අසාම් අමීන් දැන් ඒ කොන්ත්‍රාත්තුවම ඩිල්ෂාන් එක්ක කරන්න පටන් අරන්.


    බැට් එකක්වත් අල්ලල නැති උනත් මාධ්‍ය කලාවේ පකීර් කෙනෙක් විදියට ඉන්න අසාම්ලා මේ කොන්ත්‍රාත් වලින් කොච්චර හොයනවද කියල බැංකු ගිණුම් චෙක් කළොත් හොයා ගන්න පුළුවන්.

     

    Lankasportnews වෙත වාර්තා වන විදියට තරග පාවා දීමේ කුජීත වාර්තා සහිත රේප් කේස් එකක් නිසා සිම්බාබ්වේ රටට ගොඩ බහින්නත් බැරි ඩිල්ෂාන් වැන්නකු බෝඩ් එකට ගන්න ෂම්මිලා අකැමැති වුණත් හරීන් හා සනත් තවමත් ලංකාවේ ක්‍රිකට් වලට තාර ගෑමේ ප්‍රයත්නය අත හැර නැහැ.


    මේ අතර ඕස්ට්‍රේලියා කණ්ඩායමට ගස්සන්න ට්‍රයි කරල බැරි වුණු තම දුව ලංකාවෙ 19 න් පහළ කණ්ඩායමට රිංගවන්නත් ඩිල්ෂාන් වැඩ පිළිවෙල සකස් කරල ඉවරයි.ඒ වෙනුවෙන් කාන්තා තේරීම් කමිටුවේ ඉන්න තිදෙනෙක් හා පුහුණුකරුවත් අල්ලල ඉවර බවයි lankasportnews වෙත වාර්තා වෙන්නේ.


    No comments