ක්‍රීඩා ඇමතිවරයා හා ක්‍රිකට් බලධාරීන් අතර කාලයක් මුළුල්ලේ හට ගෙන ඇති නෝක්කාඩුවේ ප්‍රධාන තැනක් ගෙන ඇත්තේ අධිකරණ කටයුතුයි.
ක්‍රීඩා ඇමතිවරයා කුමන ගැසට් පත්‍රයක් ගැසුවද කුමන තහංචියක් දැම්මද ඊට අවනත නොවී අධිකරණයට යාම සභාපති ෂම්මිගේ සිරිතක් බවට පත්ව තිබෙනවා.
මේ සඳහා ෂම්මිට නීති උපදෙස් ලබා දෙන්නේ උසාවියට වඩා ක්‍රිකට් ආයතනය තුළ දවස ගෙවන අසේල රැකව නම් නීතිඥයායි.
බොහෝ නඩු පැවරෙනුයේ අභියාචනාධිකරණයේයි.
රැකව හා අභියාචනාධිකරණ විනිසුරුවරයකු අතර කිට්ටු නෑකමක් තිබෙන අතර ඔහු සිටින නඩු සඳහා හැමවිටම ක්‍රිකට් ආයතනයට වාසිදායී තීන්දු ලබා දීම ප්‍රසිද්ධ කරුණක්.
මේ නඩු සඳහා බොහෝ විට ඉදිරිපත් කරනු ලබන්නේ රොමේෂ් හා කුවේර වැනි විශාල මුදලක් අය කරන නීතිඥයනුයි.
මේ වන විට මෑත භාගයේ ක්‍රීඩා ඇමතිවරයාට , මාධ්‍ය ආයතන හා ඇත්ත ලියන මාධ්‍යවේදීන්ට එරෙහිව පවරා ඇති නඩු ගොන්නට ක්‍රිකට් අරමුදලින් ගෙවා ඇති නීතිඥ ගාස්තු පමණක් කෝටි තුන්සීයක් පමණ වන බව වාර්තා වෙනවා.
මෙයින් විශාල කොමිස් මුදලක් රැකවට හිමිවන බවත් මොහු මින් අති සුඛෝපභෝගී දිවියක් ගත කරන බවත් lankasportnews වෙත වාර්තා වෙනවා.
(ඉහත දැක්වෙන්නේ රැකවගේ සුඛෝපබෝගී රථයයි)
මොවුන් විසින් අද හෙටම ක්‍රීඩා ඇමතිවරයාට එරෙහිව තවත් නඩුවක් ගොනු කරන්නට සූදානම් වන බව කියවෙනවා.
ඒ ඉන්දියාවේ මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට යාම සඳහා ක්‍රීඩා ඇමතිවරයාගෙන් අවසර ඉල්ලූ විධායක සභාවේ නිලධාරීන් පිරිසකගේ නම් ඔහු විසින් කපා දමා තිබීමට එරෙහිවයි.
දිනකට ඩොලර් 700 ක දීමනාවක් සමග ව්‍යාපාර පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍ර මගින් ලෝක කුසලාන තරග නැරඹීමට අට දෙනකු අවසර ඉල්ලා තිබුණත් අයිසීසී රැස්වීමට සහභාගිවීමට අවසර තිබෙන සභාපති හෝ ලේකම් සහ ප්‍රධාන විධායක ට පමණක් ක්‍රීඩා ඇමතිවරයා අවසර ලබා දී තිබෙනවා.
No comments:
Post a Comment