• Breaking News

    යන යකා කොරහත් බිඳගෙන යන්න ක්‍රිකට් බලධාරීන්ගේ සූදානම


    ක්‍රිකට් තරග පරාජ හා මූල්‍ය අක්‍රමිකතා , වෝහාරික විගණන වාර්තා නිසා ක්‍රිකට් ආයතනය ඇත්තේ අද හෙටම විසුරුවා හරින මට්ටමක බැවින් යන යකා කොරහත් බිඳගෙන යන්න ෂම්මි ප්‍රමුඛ ක්‍රිකට් බලධාරීන් මේ දිනවල කටයුතු කරමින් සිටින බව lankasportnews වෙත වාර්තා වෙනවා. 


    මේ අනුව කඩිමුඩියේ ක්‍රීඩා සමාජ දහයකට රුපියල් මිලියන 25 ක ජෙනරේටර් දහයක් හා ෂම්මි සභාපති ධූරය උසුලන සීසීසී ක්‍රීඩා සමාජයට මිලියන 65 ක ආලෝක ධාරා පද්ධතියක් සඳහා මැනේජ්මන්ට් කමිටුව හරහා අනුමැතිය ගන්නට සියල්ල සූදානම් කර ඇති බව විධායක සභාවේ නිලධාරියෙක් අප සමග පැවසුවා. 


    ආලෝක ධාරා පද්ධතියකට මුදල් වෙන් කළද එහි සවි කරන්නට යන්නේ දඹුල්ල ක්‍රීඩාංගණයෙන් ගලවා දැමුණු ආලෝක ධාරා පද්ධතිය බවද වාර්තාවෙනවා. 


    මේ අතර මේ දිනවල ඩිමෝ සමාගම මගින් දඹුල්ල ක්‍රීඩාංගණයේ පැරණි ආලෝක ධාරා පද්ධතිය ගලවා රුපියල් මිලියන 1600 ක මුදලකින් අලුතින් කණු සිටුවා නව ආලෝක ධාරා පද්ධතියක් සවි කරගෙන යන අතර පසුගියදා එහි එක් කණුවක් කඩා වැටීමෙන් බරපතල පාඩුවක් සිදුව ඇතැයිද වාර්තා වෙනවා.


    මෙවැනි විශාල වියදම් තුළින් මේ වසර අවසන් වීමට පෙර ක්‍රිකට් ආයතනයේ අරමුදල් බින්දුවට බැස්සවීමේ අවදානමක් ඇති බව එම විධායක කමිටු නිලධාරියා වැඩිදුරටත් පැවසුවා. 


    දැනටමත් ක්‍රීඩා ඇමතිවරයාට හා ඇත්ත හෙළිදරව් කළ මාධ්‍ය වලට එරෙහිව ක්‍රිකට් ආයතනය පවරා ඇති නඩු වලට මේ වන විට කෝටි 300 කට වැඩි මුදලක් නීතිඥයන්ට ගෙවා ඇතැයිද වාර්තා වෙනවා. 


    මේ බව විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේද ලිපියක් මගින් දන්වා තිබෙනවා.


    මීට පෙර සිදුකළ විශේෂ විගණන වාර්තාවේදී ප්‍රශ්න කළ නීතිඥ වියදම් මෙලෙස දෙතුන් ගුණයකින් ඉහල ගොස් තිබෙනවා. ඒ වත්මන් නිලධාරීන්ට සිය නිල කාලය වැඩි කිරීමට හා මාධ්‍ය අනාවරණයන්ට එරෙහිව කටයුතු කිරීම සදහා පමණක් මෙලෙස නීතිඥ වියදම් ඉහළ යෑම කැපී පෙනෙනවා.



    No comments