• Breaking News

    ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ හදන්න වට්නාකමට වඩා වැඩියෙන් ගෙවන්න සුජීව සූදානම් වෙයි..


    ඉදිරියේ ලෝක කුසලාන තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා අලුතින් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ කිහිපයක් ඉදිකිරීමට අවශ්‍ය බව කියමින් ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සුජීව ගොඩ ලියැද්ද මේ දිනවල ඉඩම් සොයමින් යන බව lankasportnews වෙත වාර්තා වෙනවා.


    පසුගියදා මහනුවර ප්‍රදේශයේ අක්කර ගණනක ඉඩමක් බලන්නට ඔහු සමග මධ්‍යම පළාත් ක්‍රිකට් සංගමයේ ජානක පතිරණ හා හිටපු පළාත් සංගම් නිලධාරියකු වන තිළිණ බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු කිහිප දෙනකු ගොස් තිබෙනවා.


    මෙහි විශේෂත්වය වනුයේ ඉඩම් හිමිකරු විසින් පර්චසයක් සඳහා ඉදිරිපත් කරන ලද ඇස්තමේන්තුවට වඩා වැඩි මුදලක් ගෙවීමට මොවුන් ඉදිරිපත් වීමයි.


    මෙවැනි ‍රට පුරා ඇති වෙනත් ඉඩම්ද බැලීමට සුජීව උනන්දු වීමත් ඉඩම් හිමිකරුවන් ඉල්ලන මුදලට වඩා වැඩි මුදලක් ගෙවීමට ක්‍රිකට් ආයතනය සූදානම් වීමත් විශේෂ කරුණක්


    ශ්‍රී ලංකාව තුල ලෝක කුසලාන දිවා /රාත්‍රී ක්‍රීඩා තරග කළ හැකි ක්‍රීඩාපිටිම 4ක් ඇති අතර දිවා ක්‍රිකට් ලෙස ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාංගණ 6 ක් තිබියදීත් මෙලෙස අලුතින් ක්‍රීඩාංගණ ඉදි කිරීමට කඩිමුඩියේ ඉඩම් සෙවීම පිටුපස විශාල ගැහිල්ලක් ඇතිබව ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් lankasportnews වෙත පැවසුවා.


    මේ අතර දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් කිරීමට ඔවුන් කටයුතු යොදා අවසන්.


    යාපනයේද තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කළ යුතු බවට හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල තැත්කළ අතර එහි වෙනත් තැනක් සුජීවලාද සොයමින් සිටින බව වාර්තාවෙනවා.


    No comments