මනමාලි නැති මගුල් ගෙයක් සිහි ගන්වමින් සම්මාන ලාභී ක්රීඩකයන් නොමැති පාසල් ක්රිකට් ක්රීඩක සම්මාන උළෙලක් මේ මස 17 දා පැවැත්වීමට පාසල් ක්රිකට් සංගමය හා ක්රිකට් ආයතනය කටයුතු යොදා තිබෙනවා.
ක්රිකට් වලින් ලෝකෙටම විහිළු සපයන ජෝකරයන් සිටින අපේ ක්රිකට් පාලක මණ්ඩලය මෙම පාසල් ක්රිකට් ක්රීඩක සම්මාන උළෙලට කෝටි ගණනක් වියදම් කරමින් කරන්නට යන්නේ පාසල් හොඳම ක්රීඩකයන් පකිස්තානයේ සංචාරයක යෙදෙමින් සිටියදීයි .
මේ ක්රීඩකයන් බොහෝ දෙනෙක් හොඳම සම්මාන වලට හිමි කම් කියන්නන් වීම කැපී පෙනනවා.
ක්රිකට් බලධාරීන් මෙම උත්සවය වර්ණවත් කරන්නටයැයි කියමින් භාතිය සන්තුෂ්ලාට කෝටිගණනක් ගෙවා ඇතැයිද වාර්තා වෙනවා.
No comments:
Post a Comment