ක්‍රිකට් ආයතනයට කඩේ යන මාධ්‍ය නඩයට මෙවර ලෝක කුසලානයටත් අනුග්‍රහය දීලා
පසුගිය විස්සයි විස්ස ලෝක ශූරතා කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රිකට් ආයතනයේ මුදලින් ඕස්ට්‍රේලියාවට ගිය මීඩියා නඩයම මෙවර ලෝක කුසලාන තරග ආවරණය කිරීම සඳහාද ක්‍රිකට් ආයතනයේ මුදල් රැගෙන ගොස් ඇතැයි lankasportnews වෙත වාර්තා වෙනවා.
මෙවර එක් අයකුට ඩොලර් 2000 ක් හා ගුවන් ප්‍රවේශ පත්‍රය ලබා දී තිබෙන බව ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් අප කළ විමසීමකදී දැනුම් දුන්නා.
මෙම මාධ්‍යවේදීන් අතර සාදි තවුෆික්, ඉන්ද්‍රජිත් සුබසිංහ, ධම්මික රත්නවීර, ප්‍රින්ස් ගුණසේකර,යොහාන් බාසුර, ශානුක අරවින්ද යන මාධ්‍යවේදීන් සිටින බව වාර්තා වෙනවා.
මීට අමතරව මේ බොහෝ මාධ්‍යවේදීන් ක්‍රිකට් ආයතනයේ මාසික වැටුප් ලබන්නන් බවත් වාර්තා වෙනවා.
මොවුන් මුදල් ලබා ගනිද්දී ක්‍රිකට් ආයතනය සමග ගිවිසුමකටද අත්සන් තබා තිබෙනවා. එහි වගන්තිවල සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව තම මාධ්‍ය ආයතනය තුල කිසිවක් සිදු නොකරන බවයි. එනම් දූෂණ හා වංචා නොදැක්කා ලෙස සිටීමට ඔවුන් එකග වී තිබෙනවා. එමෙන්ම දූෂණ හා වංචා සිදු නොකරන බවට සුදු හුණු ගෑමටත් එකග වී ඇත්තේ මාධ්‍ය සදාචාරය අමතක කර රූකඩ ලෙස නැටීමට එකග වගන්ති කිහිපයකටම අත්සන් තබමිනුයි.
ලංකාවේ මාධ්‍යයට හා මාධ්‍යවේදීන්ට සිදුව ඇති කලදසාව මෙයින් හොඳින් පැහැදිලි වෙනවා.පාපන්දුවෙන් හා නෙට්බෝලයෙන්ද ක්‍රිකට් ලෙසම ජරාව ගන්නා සෙට් එකක් බිහිව තිබෙනවා. ක්‍රීඩා මාධ්‍යකරණයට අබ සරණයි.
No comments