විස්සයි විස්ස ලෝක ශූරතාව අතරතුර කාන්තාවක සමග අනාචාරයේ යෙදීමෙන් පසු අත් අඩංගුවට පත්ව නඩු පවරන්නට යෙදුනු ධනුෂ්ක ගුණතිලක ඉන් නිදහස් වීමෙන් පසු නැවත ලංකාවට පැමිණ ක්‍රීඩා කිරීම අරඹන බව වාර්තා වෙනවා.
මේ බව SSC ක්‍රීඩා සමාජයේ නිලධාරියකු වන සමන්ත දොඩන්වලද සනාථ කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු අධිකරණයෙන් සාක්ෂි පරස්පර වීම නිසා නිදහස් කරනු ලැබුවත් කණ්ඩායමේ පොදු නීතිය කඩමින් හෝටලයෙන් එළියට ගොස් කාන්තාවක සමග අනාචාරයේ හැසිරී පොලිස් අත් අඩංගුවට පත් වීමේ වරදට ක්‍රිකට් තහනම් කළ ධනුෂ්කට එක්වරම ක්‍රීඩා කරන්නට ක්‍රිකට් බලධාරීන් අවසර දෙන්නේ කලිසම් ඇඳගෙනද යන්න ක්ෂේත්රයේ කතා බහට ලක්ව තිබෙනවා.
මේ පිළිබඳ lankasportnews වෙත අදහස් දැක්වූ හිටපු ක්‍රීඩකයකු පැවසුවේ අනිසි ලිංගික ක්‍රියා පිළිබඳ නොයෙකුත් චෝදනා ඇති ක්‍රිකට් බලධාරීන් රැසක් සිටින ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට මෙය සුළු දෙයක් බවයි.
" සභාපති හා උප සභාපති ක්‍රිකට් අරමුදල් වලින් නිළියන් සංචාර වලට එක්ක යනවා. ප්‍රධාන විධායක නිලධාරියාට එරෙහිව ලිංගික අල්ලස් ඉල්ලීම ගැන නඩු දෙකක් තියෙනවා.ඉතින් කොහෙද ක්‍රීඩකයො හදන්නෙ.?"
ඔහු වැඩිදුරටත් එහෙම පැවසුවා.
මීට පෙරත් මෙවැනිම චෝදනා කිහිපයකටම වරදකරුවකු වූ ධනුෂ්කට විනය පරීක්ෂණයක් නොපවත්වා එක්වරම ක්‍රීඩා කිරීමට ඉඩ දෙන්නේ SSC ක්‍රීඩා සමාජයේම නිලධාරීන් ලෙස මොහාන් ද සිල්වා, සමන්ත දොඩන්වෙල, මහේල ජයවර්ධන හා අර්ජුන රණතුංග වැනි ප්‍රබලයන් මොහුගේ ආරක්ෂාවට සිටින නිසා බවත් වාර්තා වෙනවා.
මෙවැනි දිගින් දිගටම අනාචාරයේ හැසිරෙන ක්‍රීඩකයන්ට සමාව දෙමින් කණ්ඩායමට ඇතුළත් කිරීමෙන් සිදුවන්නේ නවක ක්‍රීඩකයන් පවා නරක් කිරීමක් බව ප්‍රවීණයන් කිහිප දෙනෙක් lankasportnews වෙත පවසා සිටියා.
ඕස්ට්‍රේලියානු සිද්ධියේදී ධනුෂ්ක කණ්ඩායම් පොදු නීතිය කඩමින් අනාචාරයේ හැසිරීමට හෝටලයෙන් බැහැරව ගොස් තිබෙන්නේ කළමනාකරු මහින්ද හලංගොඩට අයිසීසියෙන් දී තිබුණු මෝටර් රථයෙන් වීමත් හලංගොඩද SSC ක්‍රීඩා සමාජයේ ප්‍රබල නිලධාරියෙක් වීමත් කැපී පෙනෙනවා.
අනාචාරයේ ගිය ධනුෂ්ක බේරා ගැනීමට නඩු ගාස්තු හා ඔහු වෙනුවෙන් අනිකුත් වියදම් සියල්ල දරණ ලද්දේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් වීමත් එම මුදල රුපියල් කෝටි ගණනක් වීමත් බලන විට කණ්ඩායමේ විනය කැඩූ ක්‍රීඩකයකු වෙනුවෙන් වියදම් කර ඇති මහජන මුදලේ ප්‍රමාණය ගැන වගකීම ගන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීම ජනතාවට භාරයි.
No comments:
Post a Comment