පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදි කර ඇති පිහිනුම් තඨාකය විවෘත කිරීම බාලගිරි දෝෂයට ලක්ව ඇතැයි lankasportnews වෙත වාර්තා වෙනවා.
මෙම පිහිනුම් තඨාකය ඉදිකිරීම් වැඩ අරඹා වසර කිහිපයක් ගෙවී ඇති අතර එහි ජල කාන්දුවක් හේතුවෙන් විවෘත කිරීම පමා වී තිබෙනවා.
පිහිනුම් තඨාකයට වැඩි මුදලක් සියයකට අධික ප්‍රේක්ෂක පිරිසකට අසුන් ගත හැකි ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් වැය කර ඇති මෙහි මේ වන විට විවෘත නොකරත් කළමනාකරුවන් පත් කොට ලක්ෂ ගණන් වැටුප් ගෙවීම්ද සිදු කිරීම සිදු කෙරෙනවා.
ඉදිකිරීම් පිළිබඳ පල්ලෙකැලේ ඇත්තේ අපූරු අත්දැකීමක් වන අතර එහි ඉදිකර ඇති ගෘහස්ථ ක්‍රීඩාගාරයද නිසි ප්‍රමිතියකින් තොරව සාදා ඇති හෙයින් ජාත්‍යන්තර තරග වලට පැමිණෙන ක්‍රීඩකයන් එහි පන්දුවට පහර දීමේ පුහුණුව නොකරන බව ප්‍රසිද්ධ කරුණක්.
No comments:
Post a Comment