ක්‍රිකට් ආයතනයේ හොරකම් වහන තව මාධ්‍යවේදීන් ඉන්නවා - ක්‍රිකට් විධායක නිලධාරියෙක්ම කියයි
ක්‍රිකට් ආයතනයෙන් මාසික වැටුප් ගන්නා මාධ්‍යවේදීන්ගේ නාම ලේඛනය lankasportnews වෙතින් ඉදිරිපත් කිරීම ඉමහත් ආන්දෝලනයකට පත්ව තිබෙනවා. එම නාම ලේඛනයට ඇතුළත් නොවන තවත් මාධ්‍යවේදීන් සිටින බව අපගේ නවතම හෙලිදරව්ව වෙනවා.
ධනුෂ්ක අරවින්ද නම් යූ ටියුබයක් හා වෙබ් සයිටයක් හදා ගෙන ඉන්නා මාධ්‍යවේදියාගේ නම මෙම මාසික වැටුප් ලේඛනයට ඇතුලත් නොවුනත් ඔහුට ක්‍රිකට් ආයතනයෙන් විශේෂ සැලකිලි ලැබෙන බවත් ශ්‍රී ලංකා පිල යන සෑම විදෙස් සංචාරයකම යන මොහුට ඒ සෑම සංචාරයකටම මුදල් ලබා දීම සිරිතක් බවත් ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරියෙක් lankasportnews වෙත පවසා සිටියා.
මීට අමතරව ඉන්දීය වෙබ් සයිටයක අයකුටද උප සභාපතිවරයකු හරහා මුදල් ලබා දෙන බවත් සිරස ටීවී හි සුසාර දිනාල්ද ක්‍රිකට් බලධාරීන්ගේ විශේෂ සැලකිලි ලබන්නකු බවට පත්ව ඇති බවත් ඔහු පවසනවා.
කලක් ක්‍රිකට් ආයතනයේ දූෂණ පිළිබඳ එක දිගට වාර්තා කළ සිරස ක්‍රිකට් ගැන නිහඬ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන්නේද සුසාර විසින් ජරාව කෑම හා සිරසට ලෝක කුසලාන තරග විකාශන අයිතිය ලැබීම නිසා බවද එම විධායක සභික නිලධාරියා වැඩි දුරටත් පවසනවා.
මොවුන්ට තවමත් මුදලට ගත නොහැකි වී ඇත්තේ හිරු නාලිකාව පමණක් බවත් දෙරණද ජෝජ් ස්ටුවට් ආයතනයට ලබා දෙන සංචාර ගුවන් ප්‍රවේශ පත්‍ර අනුග්‍රහය යටතේ අල්ලාගෙන ඇති බවත් ඔහු අප සමග පැවසුවා.
දිලිත් ජයවීර අල්ලාගත හැකි වුවත් රෙනෝ ද සිල්වා පහසුවෙන් අල්ලා ගැනීමට නොහැකි නිසා හිරු පමණක් මේ වන විට ක්‍රිකට් ආයතනයේ විව්ධ දූෂණ හෙළිදරව් කරමින් සිටින බවත් ඔහු පැවසුවා.
ක්‍රිකට් ආයතනයේ වැඩ ගැන කලකිරී සිටින විධායක සභාවේම නිලධාරින් දැන් දැන් අපට එහි මුදල් නාස්ති ගැන තොරතුරු සපයන්න ඉදිරිපත් වී සිටීම විශේෂ සිද්ධියක්.
පෙර ලිපිය
No comments