• Breaking News

    ක්‍රිකට් මෙන්ම පාපන්දුවටත් වෝහාරික විගණනයක් නැත්තේ ඇයි? - ජස්වර්ගේ වැඩ හොයන්නෙ නෑ


    ක්‍රිකට් වල ලෝක කුසලාන තරගාවලියක් සඳහා පමණක් වෝහාරික විගණනයක් පවත්වා දූෂණ මගඩි රැසක් හෙළිදරව් කර ගත් ක්‍රීඩා අමාත්‍යවරයා පාපන්දුවටත් වෝහාරික විගණනයක් නොපවත්වන්නේ ඇයිදැයි ක්‍රීඩා,ලෝලීන් රැසක් lankasportnews වෙත දන්වා එවා තිබෙනවා
    .


    ක්‍රීඩා පරිපාලනයේ ෂම්මි මෙන්ම අන්ත දූෂිතයකු වූ හිටපු පාපන්දු සභාපති ජස්වර්ගේ පසුගිය මගඩි ගැන නොසොයා ඔහුට නැවත වරක් තරග වැදීමට ක්‍රීඩා ඇමතිවරයා ඉඩ ලබා දීම පිළිබඳව එම ක්‍රීඩා ලෝලීන් තම බලවත් අප්‍රසාදය පළ කර සිටිනවා.

    " දේශීය හා ජාත්‍යන්තර තරග පැවැත්වීමේදී සිදු කරන ලද අත්තනෝමතික වියදම්, ෆීෆා මගින් ලැබුණු ඩොලර් වලට හරි හැටි විගණනයක් නොතිබීම හා පාපන්දු මූලස්ථානයේ උඩු මහලේ තම කාමරය අධි සුඛෝපබෝගී අන්දමින් විශාල කර ගැනීම වැනි කරුණු රැසක් නිසි විගණනයක් කළහොත් හෙළිදරව් කර ගත හැකි බවත් ඔවුන් පවසනවා.

    පසුගිය සමයේ ඇතැම් ෆීෆා නිලධාරීන් සමග ජස්වර් අයථා ගණුදෙනු ඇති කරගෙන තිබුණු බවටත් සාක්ෂි ඇති බව ඔවුන් වැඩ් දුරටත් lankasportnews වෙත පැවසුවා.


    No comments