ප්රමෝද්යලාටත් චෝදනා රැසක්! ගෙදර යාම ඉක්මනින්!
වසර තුනක කාලයක් මුළුල්ලේ නොවෙනස්ව තිබූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නුදුරේම අහෝසි කිරීමට නියමිත බව lankasportnews වෙත වාර්තා වෙනවා.
මෙම තේරීම් කමිටුවේ අවසන් තේරීම එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තෝරන කණ්ඩායම බවත් ඉන්පසුව කෙරෙන තේරීම් නව තේරීම් කමිටුවක් යටතේ සිදු කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට විරුද්ධව චෝදනා රැසක් ඇති අතර ඒ පිළිබඳව ඉදිරියේදී ව්මර්ෂණයක් පැවැත්වීමට නියමිතයි.
විදෙස් සංචාරවලදී අයථා ලෙස ඩොලර් දීමනා ලබා ගැනීම කණ්ඩායමට තෝරා ගැනීම සඳහා ඇතැම් ක්‍රීඩකයන්ගෙන් මුදල් ඉල්ලීම, ඇතැම් ක්‍රීඩකයන් පෞද්ගලික හේතු මත කණ්ඩායමෙන් ඉවත් කිරීම, තෝරා ගත් ක්‍රීඩකයන් පිරිසකගේ ශාරීරික අයෝග්‍යතාව නොසළකා හැරීම, සංචාර තුළ අධික ලෙස බීමතින් හැසිරීම, සංචාර තුළ කළමනාකාරිත්වයට නොදන්වා හෝටලයෙන් බැහැරව සිටීම වැනි චෝදනා රැසක් ප්‍රමෝද්‍යට ඇති අතර ඒවාට සාක්ෂිද තිබෙන බව lankasportnews වෙත වාර්තා වෙනවා.
රොමේෂ් කළුවිතාරනටද මේ අතර චෝදනා තිබෙන බවත් ඔහු ක්‍රීඩකයන්ට නොහොබිනා අයුරින් කිසිදු ගරු සරුවකින් තොරව කතා කරන බවත් මේ අතර කියවෙනවා.
No comments