Tuesday, September 5, 2023

පාපන්දු නිලවරණ කමිටුවේ කැකිල්ලෙ තීන්දුව ක්‍රීඩා ඇමතිට


පාපන්දු සම්මේලනයේ නිලවරණය සඳහා තරග වදින ජස්වර් පාර්ශ්වය හා දක්ෂිත සුමතිපාල පාර්ශ්වය ඉදිරිපත් කළ නාම යෝජනා වලින් සභාපති ධූරය සඳහා තරග වදින සුමතිපාලගේ නාම යෝජනාව ඇතුළු එම පාර්ශ්වයේ සිව් දෙනකුගේ නාම යෝජනා ප්‍රතික්ෂෙප වී තිබෙනවා
.

ඊයේ පැවැති අභියාචනා සළකා බැලීමේදී පාපන්දු නිලවරණ කමිටුව මගින් මෙම තීරණය ගෙන තිබෙනවා.

සුමතිපාල පාර්ශ්වයේ නාම යෝජනා 13 න් සිව් දෙනෙකු ප්‍රතික්ෂෙප වද්දී ජස්වර් පිලේ 13 දෙනාගේම නාම යෝජනා අනුමත කිරීම කැපී පෙනෙනවා.

ලබන වසර තුළ ෆීෆා මගින් ලැබීමට නියමිත විශාල ඩොලර් කුට්ටිය මෙවර නිලවරණ උණුසුම වැඩි වන්න හේතු වී ඇති බව lankasportnews වෙත වාර්තා වෙනවා.

ජස්වර් උමාර් ට නැවත තරග වැදිය නොහැකි බවට චෝදනා රැසක් තිබියදීත් ඔහුට යළි තරග වදින්නට නිලවරණ කමිටුව මගින් අනුමැතිය දීමට එරෙහිව ක්‍රීඩා ඇමතිවරයාට අභියාචනා කිහිපයක් ඉදිරි දින කිහිපයේ ඉදිරි පත් කිරීමට නියමිත බව lankasportnews අප පාපන්දු වාර්තාකරු පවසනවා.

එහිදී ඇමතිවරයාද ඔහුට අනුමැතිය ලබා දුනහොත් ක්‍රීඩාවේ දූෂිත පරිපාලකයන්ට එරෙහිව ඔහු ගෙන යන සටන පුස්සක් බවට පත්වනු ඇතැයි පාපන්දු ලෝලීන් බලා සිට්නවා.



No comments:

Post a Comment