කළුතර බාලිකා නෙට්බෝල් වලට මොකද උනේ? - වසර ගණනක් නෙට්බෝල් ශූරියෝ මෙවර මුල් වටයෙන්ම ඉවතට
මේ දිනවල පොළොන්නරුවේ පැවැත්වෙන සමස්ත ලංකා මයිලෝ පාසල් නෙට්බෝල් තරගාවලියේදී පාසල් නෙට්බෝල් ක්ෂේත්රයේ වසර 29 ක් මුළුල්ලේ ශූරතා හා අනුශූරතා පිට පිට ජයග්‍රහණය කළ කළුතර බාලිකා විද්‍යාලය බරපතල ඇද වැටීමකට ලක්ව තිබෙනවා.
මෙවර ඔවුන් ජ්‍යේෂ්ඨ අංශයෙන් තරග නොවැදුනු අතර කනිෂ්ඨ අංශයෙන් තරග වැදී 15 න් පහළ කොටසේ හලාවත කාමෙල් බාලිකාව හමුවේ පරාජය වී අවසන් වටයෙන් ඉවතට ගොස් ඇති අතර 13 න් පහළ කොටසේ අවසන් කණ්ඩායම් 16 අතරටවත් ඒමට නොහැකි වී තිබෙනවා.
මෙයට හේතුව ලෙස කළුතර බාලිකාවේ දෙමාපියන් හා ආදි ක්‍රීඩිකාවන් පවසන්නේ විදුහල්පතිනියගේ අමන ක්‍රියා පටිපාටිය බවයි.
ආදි ශිෂ්‍යා සංගමය සමග ප්‍රශ්න රැසක පැටලී සිටින මැය වසර 12ක් මුළුල්ලේ සිටි ජයග්‍රාහී පුහුණුකාරිනියට මාරු වීමක් ලබා දී තිබීම විදුහලේ නෙට්බෝල් ක්‍රීඩාව මෙසේ අභාවයට යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බව එම විදුහල නියෝජනය කර ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවක් lankasportnews වෙත පැවසුවා.
No comments